කේන්තිය පිරිමහන්න පුංචි අම්මාට අතවර කළ පුතා අත්අඩංගුවට


අතුරුගිරිය ජයන්තිපුර ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි දෙදරු පියෙකු තම කෝපය පළ කිරීමේ ක්‍රමයක් හැටියට නිවසේ වාසය කරමින් සිටි බව කියන 54 හැවිරිදි ඔහුගේ නෑකමින් පුංචි අම්මාට දරුණු ලෙස අතවර කිරීමේ
සිද්ධියක් වාර්තාවේ.

ඉකුත් 23 වැනිදා අදාළ පුද්ගලයාගේ බිරිඳ නිවාස තුළ නොසිටි මොහොතක පුංචි අම්මා සමඟ ඇතිකරගත් බහින්බස් වීමකින් අනතුරුව මෙම අතවරය සිදු කර ඇත.
 පුංචි අම්මා දිවි ගෙවූ එම නිවසේ ගරාජ කාමරය තුළට ඇතුළු වී දරුණු ලෙස අතවර කරන ලද බවට පැමිණිල්ලේ සඳහන් වෙයි.
අතවරයට ලක් වූ කාන්තාව හෝමාගම රෝහලට ඇතුලත් කර ඇති අතර අතවර කළ පුද්ගලයා
අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය වාර්තා කරයි.
මෙම පුද්ගලයා මීට පෙරද කාන්තාවකට අතවර කිරීමට උත්සහ දැරීමේ සිද්ධියකට රිමාන්ඩ් ගතවූ අයෙකි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment