ශ්‍රීලනිප - ඒකාබද්ධ සාකච්ඡා සාර්ථකයි.

මෙවර පළාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂය කිසි ලෙසකින් දෙකඩ නොවන බවත් ඒකාබද්ධ විපක්ෂය සමඟ පවත්වන සාකච්ඡා සාර්ථක මට්ටමක පවතින බවත් ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී. බී ඒකනායක මහතා ඊයේ (13)  පැවසීය.

දෙකඩ වී තරඟ කිරීමට අවශ්‍යව ඇත්තේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන අත්දැකීම් අඩු පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකුට පමණක් බවද අමාත්‍යවරයා සඳහන් කළේය. 

ඒ පිරිසටද කරුණු අවබෝධ කර දී ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂය එකට තරඟ කරන බවද ඒ මහතා පැවසීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment