ඒකාබද්ධ-ශ්‍රී ලනිප මන්ත්‍රිවරුන් පහකට එරෙහිව විනය පරීක්ෂණ


ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කුමාර වෙල්ගම, ප්‍රසන්න රණතුංග, සී.බී. රත්නායක, පවිත්‍රා වන්නිආරච්චි සහ දිලුම් අමුණුගම යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට එරෙහිව විනය පරීක්ෂණ පවත්වා පක්ෂ
සාමාජිකත්වය අහෝසි කිරීමට

ශ්‍රී ලනිපය සැරසෙන බව ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන ආරංචි මාර්ග පවසයි.
මීළඟ මධ්‍යම කාරක සභාවේදී විනය පරීක්ෂණ පැවැත්වීමේ තීන්දුව ගත යුතු බවට පක්ෂයේ ජේ‍යෂ්ඨයන් පිරිසක් සාකච්ඡා කර ඇති අතර ඒ අනුව වහාම විනය පරීක්ෂණ පවත්වා පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමටත් පසුව එජනිස මහලේකම්වරයා හරහා මැතිවරණ කොමිසම දැනුවත් කර එම පිරිස පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරවලින් නෙරපා හැරීමටත් මෙම පිරිස සැලැසුම් කර ඇති බවද වාර්තා වේ.
ඒකාබද්ධ විපක්ෂයේ බර කරට ගෙන සිටින ප්‍රබලයන් ඉලක්ක කරගෙන මෙම ප්‍රහාරය එල්ල කිරීමෙන් පසුව අනෙකුත් මන්ත්‍රිවරුන් නිතැතින්ම පක්ෂයේ තීන්දුවලට අනුකූල වනු ඇතැයි ශ්‍රී ලනිප ජේ‍යෂ්ඨයන් සිතා සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment