මයිලෝ සීනි වැඩි ප්‍රතිශතය හංගලා දියවැඩියා දිනේදී ජනපති කියයි


මයිලෝ සීනි වැඩි ප්‍රතිශතය හංගලා
දියවැඩියා දිනේදී ජනපති කියයි

නෙස්ලෝ සමාගමේ චොකලට් මිශ්‍ර කිරි පානයක් වන මයිලෝ Milo තුල සීනි අධික මට්ටමේ පවතින බවටත් එම අගයන් පැකට්ටුවේ පවා සඳහන් නොකර සඟවා අලෙවි කරන බවටත් ජනපති මෛත්‍රිපාල සිරිසේන චෝදනා කර තිබේ.
තමන් සෞඛ්‍ය ඇමතිවරයාව සිටි සමයේ පවා මෙම නිෂ්පාදනයේ සියයට 15 ක අගයක සීනි අඩංගු බව
හඳුනාගත් බව කියා සිටින

ජනපතිවරයා දැන් එය 16.5 ටත් වැඩි බවත් මයිලෝ පැකට්ටුවේ අඩංගු ද්‍රව්‍ය කොටසේ සීනි ඇතුළත් බව දක්වා තිබුණත්  ද්‍රව්‍ය ප්‍රතිශත වලින් සීනි අතුරුදන් කර ඇති බවත් පෙන්වා දුන්නේය.
මේ සම්බන්ධ බද්ද පමණක් ප්‍රමාණවත් නැති අතරම සීනි ප්‍රතිශත පිළිබඳ නීති රීති අවශ්‍ය බවත් කියා සිටියේය.
දියවැනිඩා දිනය වෙනුවෙන්  වැඩසටහනකට එක්වෙමින් රටේ ජනතාව දියවැඩියා රෝගයට ගොදුරු කරන ප්‍රධාන සාධකයක් වන්නේ සීනි බව පෙන්වා දෙමින් ජනාධිපති සිරිසේන මේ පැහැදිලි කිරීම සිදු කළේය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment