ස්නායු රෝගයකින් පීඩා විදින එකම පවුලේ සොයුර සොයුරියෝ!

ස්නායු රෝගයකින් පීඩා විදින එකම පවුලේ සොයුර සොයුරියෝ!

 

 මෙහි සිටින ආබාධිත අය වනුයේ කාන්ති විදාන පතිරණ (59), ඉන්ද්‍රානි විදාන පතිරණ (55) , ශ්‍රියානි විදානපතිරණ (50), ධම්මිකා විදාන පතිරණ (47). මොවුන්ගේ සොහොයුරා වන ලයනල් විදාණ පතිරණ (59) දැනට ජීවතුන් අතර නොමැති. (මොවුන් සියලු දෙනාම අවිවාහකයන්ය) මෙම නිවසේ සිටි මවත් පියාත් දැනට ජීවතුන් අතර නොමැති බවත්, තම වැඩිමල් සොහොයුරා ද මෙම රෝගී තත්වය නිසා දැනට 2006 වසරේ මියගිය ගොස් තිබේ. එම වර්ෂයේම මියගිය මව පිළිබඳව සාංකාව හේතුවෙන් මෙසේ සොහොයුරාද මියගිය ගොස් තිබේ. රෝගී තත්වයෙන් පීඩා විඳින ධම්මිකා විදානපතිරණ පවසන්නේ ඇය වසර 18 කට පෙර නීරෝගී තත්වයෙන් පසු වූ බවයි. ඇය පුද්ගලික රැකියාවක නිරත වී ඇත. මේ වනවිට සහෝදර, සහෝදරියන් මෙන් ඇයටද එම රෝගී ලක්ෂණ මතුවෙමින් පවතින බව පැවසුවාය.

මෙම නිවසේ රෝගී තත්වයෙන් සිටින හතර දෙනාගෙන් කථා කරලීමට හෝ යම් විදියකින් ඇවිදීමට හැකියාව ඇත්තේ ඇත්තේ ධම්මිකාට පමණි. අනෙක් තිදෙනාටම කිසිවක් හෝ ප්‍රකාශ කිරීමේ හැකියාවක් නැත. ඔවුන් යැපෙන්නේ පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර මතයි. ඇදන් මත තැබූ ආකාරයටම සිටින ඔවුන්ට සියළුම ඇප උපස්ථාන කිරීම සඳහා අසළ ගමක සිටින කාන්තාවන් දෙදෙනකු පැමිණේ. මහළු කාන්තාවන් වන ඔවුන් දෙදෙනා එම ඇප උපස්ථාන වෙනුවෙන් කිසිදු දීමනාවක් හෝ වැටුපක් ලබා ගන්නේ නැත.

එතරම් ආර්ථික හැකියාවක් නොමැති අසල්වැසි ගම්වාසීන්ද තම පවුල වෙත ආධාර උපකාර කරන බව ධම්මිකා අප වෙත පැවසුවාය. ගොවිතැනින් යැපෙන ඔවුන්ගේ ආර්ථික තත්වය මත තමන්ට දිගින් දිගටම පිහිට වීමට එතරම් හැකියාවක් නොමැති බව ඇය වැඩිදුටත් පවසා සිටියාය.

 මෙම නිවසේ සිටින ආබාධිත පුත්ගලයන් නිරන්තර වෛද්‍යවරුන් වෙත කැටුව යාමය සිදුවේ. දම්මිකා විදානපතිරණ මෙනවිය අප සමඟ කියා සිටියේ, වාහන කුලී, වෛද්‍ය වරුන් සදඳහා ගාස්තු මෙන්ම ජල , විදුලි හා තමන් හා සොහොයුරියන් ඇතුළු පිරිසගේ ආහාර සඳහා විශාල මුදලක් වැයවෙන බවයි. තමන්හට එවන් මුදලක් සොයාගැනීමට නොමැතිවීම නිසා බොහෝ අපහසු තාවයන්ට පත්වන බව ඇය පැවසුවාය. එම නිසා අන් අයගේ පිළිසරණ හා පරිත්‍යග මේ අවස්ථාවේදී තමන් ඇතුළු පවුලේ පිරිස වෙත ලබාදෙන මෙන ඇය ආයාචනයක් කරයි.

මෙම ආබාධිත පවුලෙ සියලු දෙනා වෙත ඇප උපස්ථාන කරනු ලබන පාලටුව ප්‍රදේශයේ ජීවත්වන විජේතුංග හාමිනේ කියා සිටියේ මෙම ගිලන් පිරිස වෙනුවෙන් ආහාර පිළියෙල කරලීමේදී ඉතා අඟ හිඟ කම් මතුවන බවයි. එම අවස්ථාවන් වලදී අසල ඇති නිවෙස්වලට දුවගොස් එම අඩුපාඩු යම් විදියකින්හෝ පිරිමසාගන්නා බව ඇය වැඩිදුරටත් ඇය පවසන්නීය. මෙම ආබාධිත නිවස පිහිටා ඇත්තේ, මාතර මාලිම්බඩ ප්‍රදේශයේ වන අතර එම නිවසේ ලිපිනය ,ශ්‍රියානී විදානපතිරණ ,අබාධිත නිවස, පන්ඩිතාවත්ත, මාලිම්බඩ,පාළටුව වේ.

-වාර්ථාව ඉදුනිල් කැළුම් ජයවීර

sna5

sna2

sna3

sna4

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment