එසේම හානි අවම කරගැනීමේ වගකීමෙන් යුතුව කටයුතු කරන සියලුම මාධ්‍ය ආයතන සහ අදාළ සියලුම පාර්ශව වෙත ස්තූතිය පුදකරන බවත් සිද්ධිය සැළවූ වහාම තමා පොලිස්පතිවරයා සමඟ දුරකකතනයෙන් සම්බන්ධවී අවශ්‍ය සියලු උපදෙස් ලබා දුන් බවත් අමාත්‍යවරයා ප්‍රකාශකළේය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ සිද්ධිය පිළිබඳ විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.
එහිදී ඔහු මෙසේ ද කීය.
"මේ වෙනකොට ගිංතොට ප්‍රදේශයේ ආරක්ෂාව තර කරලා තත්ත්වය පාලනය කරලා ප්‍රදේශයේ නීතිය හා සාමය ස්ථාපිත කරලා තියනවාකියලා.ඊයේ රාත්‍රියේ ම අවට සියලුම පොලිස් ස්ථානවලින් අමතර පොලිස් කණ්ඩායම, කැරළි මර්ධන ඒකකය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා ත්‍රිවිධ හමුදාව ද කැඳවුවා.
ඒ වගේම ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ උපදෙස් පරිදි ප්‍රදේශයට පොලිස් ඇඳිරිනීතිය පැනවීමට කටයුතු කළා. ඒ වගේම මම කියන්න කැමතියි මේ සිද්ධිය මහා ජාතිවාදී ගැටුමක් බවට පත් කරගන්නට ඇතැම් දේශපාලන කල්ලි කණ්ඩායම් අසාර්ථක උත්සාහයක නිරත වෙලා ඉන්නවා කියලා වාර්තා වෙලා තියෙනවා.ඒ නිසා මම මහජනතාවගෙන් ඉල්ලන්න කැමතියි මේ අන්තවාදී දේශපාලන කල්ලි කණ්ඩායම්වල අසත්‍ය ප්‍රචාරවලට රැවටෙන්න එපා කියලා.
ඒ වගේම තමයි ඒ දේශපාලන කල්ලි කණ්ඩායම්වල උදවිය මේවන විට ෆේස්බුක් හරහා අසත්‍ය වීඩියෝ පට සහ පුවත් හුවමාරු කරමින් ඉන්නවා. මම ඔවුන්ට දැනුම් දෙනවා මේකටයුතු වහාම නවත්වන්න කියලා. ඒ වගේම ජාතිවාදී, ආගම්වාදී ගැටුම් ඇතිකරවන ආකාරයේ ප්‍රචාර කවර හෝ ආකාරයකින් සිදුකරන සියලුම දෙනාට තරාතිරම නොබලා නීතියට අනුව කටයුතු කරනවා කියන දේ මම ඔවුන්ට දැනුම් දෙනවා. මේ වෙලාවේ අපි සියලු දෙනාම කටයුතු කළ යුතු වන්නේ හානි අවම වන අයුරින්. මේ සිද්ධියෙන් පටු දේශපාලන වාසි ගන්න හිතාගෙන අසත්‍ය ප්‍රචාර ගෙනියන්න එපා කියන දේ මම නැවත නැවතත් කියනවා" යැයි අමාත්‍යවරයා කීය.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment