නෛතික බාධාවක් නැති තැන්වලට නාමයෝජනා කැඳවයි.
කිසිඳු ආකාරයේ ගැටලූවක් නොමැති පළාත් පාලන ආයතන 93ක මැතිවරණ පැවැත්වීමට අදාළ නාම යෝජනා කැදවීමේ නිවේදනය නිකුත් කරන ලෙස සියලූම තේරීම්භාර නිලධාරින්ට මැතිවරණ කොමිසම දැනුම් දී ඇත.
මැතිවරණ මහලේකම් කාර්යාලයේදී අද (25) පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසිය.
රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේදී මැතිවරණ කොමිසමේ නිලධාරින් හා කොමසාරිස්වරයා අතර මෙම සාකච්ඡාව අද (25) පැවැති අතර, ඉන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ බව කියා සිටියේය.
ඒ අනුව පළාත් පාලන ආයතන 93 ක් සඳහා මෙම මස 27දා සිට දින 14 ක් ඇතුලත නාමයෝජනා භාර ගැනීමට නියමිතය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියේ එක් දිනයක මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය බව පවසා පළාත් පාලන මැතිවරණය තවදුරටත් ප්‍රමාද කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට හානි කිරීමක් බවයි.
පුද්ගලයින් කිහිප දෙනෙකු විසින් ඉදිරිපත්කල පෙත්සම් හේතුවෙන් පලාත් පාලන ආයතන 203 ක ඡන්දය පැවැත්වීම අභියාචනාධිකරණය මගින් මේ වන විට තහනමට ලක් කොට ඇත.
0 comments :
Post a Comment