රැකියාවක් කරන්න ගිහින් සමලිංගික ජීවිතයක් ගතකරන්න වී ජීවිතය විඳවන්න වුණු තරුණයෙකුගේ කඳුළු කතාව

ඒක තමයි මගේ සොඳුරුම කාළේ"
සුදු මහත්තයාගේ ගරාජ් එකට මම එනකොට මට අවුරුදු 17යි

රාත්‍රියේ අපිට ගොඩක් අය හමුවෙනවා, මගහැරෙනවා, වෙන්වෙනවා ගොඩක් සිතුවිලි ඉපදෙනවා, මියදෙනවා , වෙනස්වෙනවා, අමතකවෙනවා. රාත්‍රිය හරිම පුදුමයි. හිතුවක්කාරයි. කීකරුකමට වඩා අකීකරුකමට රාත්‍රිය කැමතියි. 

ඇවිදින මිනිස්සු අතරේ ඉගිලෙන හීන මවන්න රාත්‍රිය ආසයි. සන්සුන් පිරිස් අතරේ නොසන්සුන් කවි ලියන්න රාත්‍රිය මනාපයි.

සාමාන්‍ය අය අතරේ අසාමාන්‍ය ලෙස හිතන්න මේ කතාකරන රාත්‍රියේ තවත් කතාවකට කන්දෙන්න අපි සූදානම්.

හැඟුම් ගණුදෙනුවට පෙර රූම් අතර කාමරේ "Room No 33" ලිංගික සෞඛ්‍ය යහපත් කරවීමට සමාජයේ ගැහැණුන් සහ පිරිමින් උදෙසා ලිංගාශ්‍රිත රෝග පිළිබඳව දැනුවත් කරන හරවත් ටෙලිවිෂන් සායනයේ 5 වන කථාංගය මෙසේ දිගහැරෙන වගයි
මේ කතාව සමන් ගැනයි.  රැකියාවක් කරන්න ගමෙන් නගරෙට ආපු සමන් ගරාජ් එකක වැඩකරනවා.

චැසි නොම්මර අතරේ බොඩි වෙනස් වෙච්ච වාහන වගේ විවිධාකාර ජීවිත මේ ගරාජ් එකේදී සමන්ට හම්බවෙනවා.

සුදු මහත්තයාගේ ගරාජ් එකේ වැඩට එනකොට සමන්ගේ වයස 17යි.  වාහනයක් අතින්වත් අල්ලලා නැති සමන්ට සියළු දේම කියාදුන්නේ සුදු මහත්තයයි.

ඔහු සමන්ට සැලකුවේ සහෝදරයෙකුට වගෙයි. සුදු මහත්තයා කිව්වෙ වැඩ ඉගෙනගෙන කවදාහරි ගරාජ් එක සමන්ට භාරගන්න කියලයි.

දවසක් සමන්ට ඩ්‍රයිවින් උගන්නන්න කියලා සුදුමහත්තයා කාර් එකේ එක්කගෙන යනවා. එදා සමන් සුදු මහත්තයාගේ වෙනසක් දකිනවා. සමන් ඒකට ගොඩක් ආස වෙනවා.

ඔය අතරතරු ඔවුන් සමලිංගිකයන් බවට පත්වෙනවා. පසුව ගරාජ් එක පුරා මේ කතාව පැතිරෙන්න ගන්නවා. ගරාජ් එකේ වැඩකරන අය සමන්ට විහිළු කරන්න ගන්නවා. ඒ වෙනකොට සමන්ට මේක මානසිකව වදදෙන කාරණයක් වෙලා තිබුණා.

ඔය අතරතුර ගරාජ් එකට කෑම ගේන කුමුදු කියන තරුණියට මුළු ගරාජ් එකේම කොල්ලෝ කැමැත්තෙන් හිටියා.  ඒත් කුමුදුගේ හිත නැවතිලා තිබුනේ සමන් ලඟයි.

ඒ නිසා සුදු මහත්තයා කුමුදු එක්ක හිත හොඳින් නෙමෙයි හිටියේ.

මේ දෙන්නගේ සමරිසි ආදරකතාව ගැන පසුව කුමුදුට දැනගන්න ලැබෙනවා. අන්තිමේදී සමන් මේ සමලිංගික ආදරේ හින්දම සමාජ රෝගයකට ගොදුරු වෙනවා
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment