පසුගිය දිනවල යාපනය දිස්ත්‍රික්කයේ ඇති වූ නොසන්සුන්කාරී තත්වයන් පාලනය කිරීම සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවලක් දියත් කොට ඇති අතරම සියලුම සැකකටයුතු පිරිස් අත්අඩංගුවට ගැනීමට යාපනය පොලීසිය විසින් පියවර ගෙන ඇත.
මේ වන විට සැකකාර පුද්ගලයින් 11 දෙනෙකු පමණ අවස්ථා කිහිපයකදී අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් සිදු කර මුදාහැරීමට යාපනය පොලීසිය විසින් පියවර ගෙන තිබේ.
මේ අතර උතුරු පළාත් භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා පසුගිය දිනයන්හි ආයධ ගත් පිරිස් විසින් ප්‍රහාරයන් සිදු කළ ස්ථාන වෙතට හා ප්‍රහාරයන්ට ලක් වූ පුද්ගලයින් බැලීමට යාපනය ශික්ෂණ රෝහලට ගොස් ඇත.
මේ වන විටත් උතුරු පලාත් ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් උතුරු පළාතේ සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කොට ඇත්තේ යාපනයේ ඇතිවූ නොසන්සුන් තත්වය පාලනය කිරීමටත්, මේ මස යෙදී ඇති එල්.ටී.ටී.ඊ මහවිරු සැමරුම් වෙනුවෙන් උතුරු පළාතේම විශේෂ ආරක්ෂක වැඩපිළිවලක් දියත් කිරීමටත්ය.
උතුරු පළාත් භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා ඇතුලු පොලිස් නිලධාරීන් පිරිස යාපනයේ පසුගිය දිනයන්හි ආයුධ ගත් පිරිස් විසින් ප්‍රහාර එල්ල කෙරුණු ස්ථාන හා අදාළ ප්‍රහාරයන්ගෙන් තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන පිරිස් බැලීමටද පසුගියදා කටයුතු කළේය.
- වන්නි රොමේෂ් මධුෂංඛ
0 comments :
Post a Comment