ටෙලි බද්දට : TV ලොක්කෝ මංගල හා පැටලෙයි.


ශ්‍රී ලංකාවට ආනයනය කර, හඬකවා දේශීය රුපවාහිනි නාලිකාවල ප්‍රදර්ශනය කරන ටෙලිනාට්‍ය, චිත්‍රපට හා වාණිජ වැඩසටහන් සඳහා අයකරනු ලබන බද්ද වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩිකිරීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ගෙන ඇති තීරණයට ශ්‍රී ලංකාවේ පෞද්ගලික රුපවාහිනී නාලිකා සියල්ලගෙන්ම පාහේ බලවත් විරෝධය පළව තිබේ.

ඊට අදාල මාධ්‍ය නිවේදනය ප්‍රකාශයට පත්වීමත් සමඟ සිරස, දෙරණ, හිරු, ස්වර්ණවාහිනී නාලිකාවල ප්‍රධානින් ඊයේ පස්වරුවේ අමාත්‍ය මංගල සමරවීර මහතා හමුවී, මෙම හදිසි ගැසට් නිවේදනය සම්බන්ධයෙන් කනස්සල්ල පල කර තිබේ.

මෙවැනි බද්දක් යටතේ මින් ඉදිරියට විදෙස් නාට්‍ය හා චිත්‍රපට ප්‍රදර්ශනය කල නොහැකිබව ඔවුන් අමාත්‍යවරයාට කරුණු සහිතව පෙන්වා දී ඇත.

මෙවැනි බද්දක් ගැසීමෙන් දේශීය කලාකරුවන්ට අත්වන සුගතියක් නැතැයි පවසා ඇති ඔවුන්, මෙම තත්වය යටතේ හඬ කැවීමේ නිරත කළා ශිල්පින් රැසකගේ රැකියා අහිමිවන බවද පෙන්වා දී තිබේ.

දේශීය කලාකරුවන් ආරක්ෂාකර ගැනීමට :

දේශීය කලාකරුවන් ආරක්ෂාකර ගැනීම සඳහා විදෙස් ටෙලිනාට්‍ය හා චිත්‍රපට සඳහා දැනට පනවා ඇති රුපියල් 90,000ක බදු මුදල ලක්ෂ 03ක් දක්වා ඉහල දමන්නයි චිත්‍රපට හා ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට අදාළ සංවිධාන හා නිර්මාණකරුවන් මුදල් හා ජනමාධ්‍ය අමත්‍ය මංගල සමරවීර වෙත කරන ලද ඉල්ලීමට අනුව නව ගැසට් නිවේදනය ඊයේ රාත්‍රී ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව, විනාඩි 30 ක් හෝ ඊට අඩු කාලපරිච්ඡේදයක සිංහල හෝ දෙමළ භාෂාවෙන් හඬකවන ලද උපරිමය කොටස් 4 ක ටෙලිනාට්‍යයක හෝ චිත්‍රපටයක් සඳහා දිනකට පළමු විකාශන කාලපරිච්ඡේදවලට දැනට අය කරනු ලබන අවම ගාස්තුව රු. 90,000 ක මුදල රු. 150,000 දක්වා වැඩිකර තිබේ.

පසුගිය අයවැය කතාවේදී හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා, විනාඩි 30 ක් හෝ ඊට අඩු කාලපරිච්ඡේදයක සිංහල හෝ දෙමළ භාෂාවෙන් හඬකවන ලද ටෙලිනාට්‍යයක හෝ චිත්‍රපටයක් සඳහා දිනකට පළමු විකාශන කාලපරිච්ඡේදවලට රුපියල් ලක්ෂ තුනක බදු මුදලක් ලබා ගැනීමට යෝජනා කල ද එය ගැසට් නිවේදනයක් ලෙස ප්‍රකාශයට පත් නොවිය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment