2017 ණය ලබා ගැනීමේ සීමාව වැඩි කරයි.


මේ වසරේ (2017) රජයේ ණය ලබා ගැනීමේ සීමාව වැඩි කිරීමේ යෝජනාව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඊයේ (11දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ අතර, එය වැඩි ඡන්දයෙන් සම්මත විය.

2016 විසර්ජන පනතට සංශෝධනයක් ලෙස මෙම යෝජනාව ඉදිරිපත් කෙරුණු අතර, යෝජනාවට පක්‍ෂව ඡන්ද 53ක් හා විපක්‍ෂව ඡන්ද 08ක් ලැබිණි.

ඒ අනුව රජයට රුපියල් බිලියන එක්දහස් හයසිය විසිනවයක් දක්වා වන ණය ලබා ගැනීමට අවස්ථාව හිමි වේ. මීට පෙර විසර්ජන පනතින් අවසර ලබාදී තිබුණේ රුපියල් බිලියන එක්දහස් පන්සිය හැත්තෑ නවයකි. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment