නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් තොරතුරු දැන ගැනීමේ අයිතිය තවදුරටත් ශක්තිමත් කරනවා - මංගල

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් තොරතුරු දැන ගැනීමේ අයිතිය තවදුරටත් ශක්තිමත් කරනවා - මංගල
මෙම වැඩමුළුව ඊයේ (11) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
 
මංගල සමරවීර අමාත්‍යවරයා කළ සම්පූර්ණ කතාව,
 
අපි 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනත ක‍්‍රියාත්මක කර වසරකුත් මාස තුනක් පමණ ගතවෙලා තියෙනවා. මේ කෙටි කාලය තුළ මේ පනත සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වීම ඉතාම සක‍්‍රීය ආකාරයකට ඉදිරියට ගෙනියන්න පුලූවන් වෙලා තියෙනවා. අපේ අමාත්‍යාංශය  2017-2019 තොරතුරු දැනගැනීමේ සැලැස්මක් ක‍්‍රියාත්මක කරමින් තොරතුරු දැන ගැනීම එදිනෙදා මහජන ජීවිතයේ කොටසක් බවට පත්කිරීමේ ක‍්‍රියාදාමයේ යෙදිලා ඉන්නවා.
 
පනත හඳුන්වාදීමෙන් නොනැවතී මේක ක‍්‍රියාත්මක කරන්න ඕන වටපිටාවකුත් නිර්මාණය කළා. අපි  දහනමවෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සහතික කළ තොරතුරු දැනගැනීමේ අයිතිය මූලික මිනිස් අයිතිවාසිකම් අතරට එකතු කළා.
 
මේ විදිහට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් මූලික අයිතිවාසිකමක්  1978 න් පසුව එකතු කරපු පළවෙනි වතාව. ඒ විතරක් නෙවෙයි මේ වනවිට අපි නිර්මාණය කරමින් සිටින ශ්‍රී ලංකාවේ තුන් වැනි ජනරජ ව්‍යවස්ථාව තුළත් තොරතුරු දැනගැනීමේ අයිතියට අපි ප්‍රමුඛත්වය ලබා දීල තියෙනවා. මොකද අපි පිළිඅරන් තියෙනවා ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදී  නිදහස සැබෑ ලෙසම භුක්ති විඳින්න නම් ඔවුන්ට නීතිමය රාමුවක් ඇතුළත රටේ රජය සහ පරිපාලනය ක‍්‍රියාත්මක වීමේ තත්වය දියුණු කරන්න  ඕනේ බව.
 
මේ තොරතුරු දැන ගැනීම මහජනතාවගේ නීතිමය අයිතියක් ලෙස පිළිගැනීම ලෝකයේ අමුතු දෙයක්  නොවෙයි. ස්වීඩනය වගේ රටවල්  අවුරුදු දෙසීයකට විතර ඉස්සර තොරතුරු දැනගැනීම ජනතාවගේ අයිතියක් කියලා පිළිඅරන් තියෙනවා. ඒ වගේම  ජාත්‍යන්තර මානව හිමිකම් ප‍්‍රඥප්තිය ගත්තොත් 1948 අවුරුද්දේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිඅරන් තියෙනවා. මේ අනුව යමින් අපි පසුගිය අවුරුද්දේ හඳුන්වලා දුන්න මේ පනත ලෝකයේ හොඳම තොරතුරු දැනගැනීමේ  පනත්  10 ඇතුලත තියෙන බව ජාත්‍යන්තර  සංවිධානයකින් ශ්‍රේණි ගත කරලා තියෙනවා.
 
අපි මෙතරම් ශක්තිමත් රාමුවක් තියන තොරතුරු දැනගැනීමේ පනතක් හඳුන්වලා දුන්නේ  විසිඑක්වෙනි සියවසේ මේ සමාජය, මේ රට ලෝකයේ අනිත් දියුණු රටවල් එක්ක ඉදිරියට  ගෙනිහින් ආර්ථික වශයෙන්  අපි ඇතිකර ගනිමින් යන මේ අලූත් වර්ධනය එක්ක සමාජීය දේශපාලන වශයෙන් පුරවැසියා බලගන්වන ඉතා ශක්තිමත් සමාජ සම්මුතියක් ඇතිකර කර ගන්නයි.
 
මේ සමාජ සම්මුතිය ශක්තිමත් වෙන්න නම් විවෘත විනිවිදභාවයක් සහිත ඒ වගේම ජනතාවට වගකියන, ජනතාවත් එක්ක  සම්බන්ධ පාලනයක් රට තුළ තියෙන්න  ඕනේ. 
 
මෙවැනි තත්වයක් ඇති කරගන්න රජයේ නිලධාරීන් සහ පාලකයින් සිදුකරන කටයුතු ජනතාවට අවශ්‍ය ආකාරයට දැන ගැනීමේ ක‍්‍රමවේදයක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් තමයි මේ තොරතුරු දැනගැනීමේ පනත ගෙනාවේ. ඒක නිසා තොරතුරු දැනගැනීමේ නිලධාරීන් විදියට ඔබ සියලූ දෙනා ක‍්‍රියාත්මක වෙන්නේ රටේ පාලනයත් ජනතාවත් අතර සම්බන්ධය ඇති කරන පාලමක් විදියට. එතකොට් මේ පාලම් ශක්තිය වැඩි වෙන්න වැඩි වෙන්න ජනතාවත් ආණ්ඩුවත් අතර සම්බන්ධය වැඩිවෙනවා. 
 
ඒ තුළින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය වඩාත් ශක්ති ශක්තිමත් වෙනවා. මා ඔබ සියලූ දෙනාගෙන් ඉල්ලා සිටින්නේ මේ විශාල වගකීම තේරුම් අරන් මහජන උවමනාවන්ට වඩා සංවේදී වෙමින් තමන්ගේ කාර්යය වඩාත් කාර්යක්ෂමව ඉටුකරන ලෙස.
 
mangala 12
mangala 13
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment