කොළඹ වරාය නගරයේ මූලික සැලසුම 2018දී.


කොළඹ වරාය නගරයේ මූලික සැලසුම 2018 වසරේදී එළිදක්වන බව වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු සිදුකරන කොළඹ වරාය නගර පෞද්ගලික ආයතනයේ (CHEC PORT CITY COLOMBO PVT LTD) මහජන සම්බන්ධතා නිලධාරී කාශ්‍යප සෙනරත් මහතා පැවසීය.

කොළඹ වරාය නගරයේ මූලික ගොඩකිරීම් මේවනවිට 60%ක් අවසන්ව ඇති බවත්,2019 වසර අවසන් වීම පෙර සියලු ගොඩකිරීම් අවසන් කිරීමට හැකිවනු ඇති බවත් හෙතෙම පවසා සිටියේය.

වරාය මූලික සැලසුම එළිදැක්වීමෙන් අනතුරුව ආයෝජකයන් සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකරන බවද කාශ්‍යප මහතා ප්‍රකාශ කළේය.

වරාය නගරය තුළ ආයෝජනය කිරීමට මේවනවිට රටවල් කිහිපයක්ම ඉදිරිපත්ව ඇති බවත්, ඉදිරියේදී එම තත්ත්වය තවදුරටත් වැඩිවනු ඇති බවත්හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment