අධ්‍යයනයකින් හෙළිදරව් වී ඇති ආකාරයට, පාලක ආණ්ඩුවල මර්දනය, සංවිධානාත්මක අපරාධ සහ අන්තර්ජාල ව්‍යාප්තිය හේතුකොටගෙන ඇති වන වාණිජ පීඩනය යන සාධක මත, ඉකුත් - ආසන්න දශකය තුළ, ලොව පුරාම මාධ්‍ය නිදහස දරුණු අගාධයකට වැටී ඇත.
ඉකුත් දශකය තුළ, කතා කිරීමේ නිදහසට එරෙහි දරුණුම අත්දැකීම තුර්කිය විසින් විඳ දරාගනු ලැබූ අතර, බ්‍රසීලය, බුරුන්ඩිය, ඊජිප්තුව, පෝලන්තය, වෙනිසියුලා සහ බංග්ලාදේශය යන රටවලද මාධ්‍ය නිදහස කැළඹෙමින් තිබෙන බව එම අධ්‍යනය තුළින් අවධාරණය කරනු ලැබ තිබේ.
දේශපාලන සහ සමාජ දත්ත ගබඩාවක් වන V-Dem සමඟ ඒකාබද්ධවෙමින්, ඉහත කී අධ්‍යයනය මෙහෙයවනු ලැබූ Article 19 හි විධායක අධ්‍යක්ෂ, Thomas Hughes පවසන්නේ, 'පළමු වතාවට අදහස් සහ තොරතුරු ප්‍රකාශනයට අදාළව ලෝක මට්ටමේ තත්වය පිළිබඳ විස්තරාත්මක සහ ඓතිහාසික දර්ශනයක් දැකගත හැකි වූ බව'යි. 'අවාසනාවට අපට දැකගන්නට ලැබුණේ, ආඥාදායක රෙජීම යටතේ දී මෙන් ම ප්‍රජාතන්ත්‍රවාදය යටතේ ත් ප්‍රකාශනයෙහි නිදහස අනතුරට ලක් වී ඇති බව' Thomas Hughes වැඩිදුරටත් පවසයි.
වාර්තාවේ සංස්කාරකවරුන් විසින්, 2006 – 2016 වසර 10 පුරා රටවල් 172 කට අදාළව ප්‍රකාශනයට ඇති නිදහස පිළිබඳ පරීක්ෂා කර ඇත. Hughes පවසන ආකාරයට එහිදී මාධ්‍යවේදීන්ට තර්ජනය කොට බිය වැද්දීමේ, චෝදනා කිරීමේ පමණක් නොව මාධ්‍යවේදීන් ඝාතනය කිරීමේ සිදුවීම්ද අනාවරණය වී ඇති අතර මෙක්සිකෝවෙහි 2016 වසර තුළ පමණක් මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ප්‍රකාශනවලට එරෙහි පහරදීම් 426 ක් පමණ වාර්තා වී ඇත. ඔහු විශ්වාස කරන පරිදි, එක්සත් රාජධානිය මේ සා දරුණු තත්වය සම්බන්ධයෙන් වගකිව යුතු අතර, ඔවුන්ගේ දුෂ්ඨ සහ නිදහස උදුරන 'ගවේශන බලතල පනත' මඟින්, පුද්ගල පෞද්ගලිකත්වය සහ ප්‍රකාශනයෙහි නිදහස උදුරාගෙන ඇත.
කිසිදු විනිවිදභාවයක් නොමැති අතලොස්සක් වූ අන්තර්ජාල සමාගම් විසින් මාධ්‍යය හැසිරවීම සිය බලයට යටත් කර ඇති තත්වයක් තුළ, මාධ්‍ය වෙත අධික වාණිජ්‍ය පීඩනයක් එල්ල කරමින් ආයෝජකයින් අධෛර්යයමත් වන පරිද්දෙන් චීනය වැනි ජනගහනය අධිකතම රටවල් අන්තර්ජාල පිවිසුම් අවහිර කර ඇත.
වාර්තාවෙහි සඳහන් ආකාරයට ඉකුත් වසර තුළ ජනමාධ්‍යවේදීන් 259 ක් සිරගත කොට ඇති අතර 79 ක් ඝාතනය කර ඇත. ඒ පිලිපිනය, මෙක්සිකෝ සහ හොන්ඩුරාස් වැනි රටවල මත්ද්‍රව්‍ය මාෆියාවලට එරෙහි වාර්තාකරණය සහ තුර්කි රෙජීමයට එරෙහි වාර්තාකරණය හේතුකොටගෙනය. කෙසේ වෙතත්, අදාළ තත්වයන් මත 21 වැනි සියවස ආරම්භය තුළ මාධ්‍ය නිදහස දරුණු ලෙස උල්ලංඝනය වී ඇති බව එම වාර්තාවෙහි සඳහන්ය.
මෙම වසරෙහි (2017) අප්‍රේල් වනවිට තුර්කි මාධ්‍යවේදීන් 152 ක් තුර්කියෙහි සිරගත කරනු ලැබ ඇත. 170 කට අධික වන පුවත්පත්, වෙබ් අඩවි, රූපවාහිනී සහ ඒජන්සි ආදී මාධ්‍ය සංවිධාන/ආයතන සංඛ්‍යාවක් ඉකුත් වසර තුළදී අකර්මන්‍ය වූ අතර මාධ්‍යවේදීන් 2500 කට පමණ රැකියා අහිමි විය.
නමුත් ටියුනීසියාව, ශ්‍රී ලංකාව සහ නේපාලය මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් යහපත් ප්‍රගතියක් ලබා ඇති අතර, තොරතුරු දැනගැනීමේ නීති ද සම්මත කරගනු ලැබීය.
කෙසේ වෙතත් 'මාධ්‍යවේදින් ආරක්ෂා කිරීමේ කමිටුව' (CPJ) නමැති සංවිධානය පවසන්නේ 'මාධ්‍යවේදියෙකු වීමට මෙතරම් නරක කාලයක් තවත් නම් නැති බව'යි. CPJ හි නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂ රොබට් මැහෝනි පවසන්නේ, එක්සත් ජනපදය සාම්ප්‍රදායික අර්ථයෙන් මාධ්‍ය නිදහස සහතික කරනු ලැබූ රටක් ලෙස සැලකිය හැකි වුවත් ජනාධිපති ට්‍රම්ප් ගේ භූමිකාව මාධ්‍යවෙදීන්ට සහ මාධ්‍ය නිදහසට තර්ජනයක් විය හැකි බවයි.
''තමන් අකමැති මාධ්‍ය 'ව්‍යාජ්‍ය මාධ්‍ය' යැයි හැඳින්වීම තුළින් ට්‍රම්ප් ගෝලීය වශයෙන් දෙන ආදර්ශය අතිශය භයානකයි. එය අධිකාරීවාදී පාලන තන්ත්‍රයන් ට මාධ්‍ය මර්දනයට වැරදි පූර්වාදර්ශයක් වෙයි.'' (මැහෝනි)
බී.බී.සී. ලෝක සේවයේ ප්‍රධානී ෆ්‍රන්සිස්කා අන්ස්වර්ත් අනතුරු අඟවන්නේ, 21 වැනි සියවසේ නැගී එන නව ආර්ථික බලවේග අදහස් ප්‍රකාශනයේ නිදහසට තර්ජනයක් විය හැකි බවයි.
''නැගී එන නව ආර්ථික බලවේග වන චීනය වියට්නාමය වැනි රටවල් ආර්ථික බලවතුන් බවට පත් විය හැකි 21 වැනි සියවසේ අනාගත ලෝක හැඩය ඔවුන් විසින් තීරණය කරනු ලබන විට, ඔවුන් ප්‍රකාශනයේ නිදහසත් ආර්ථික සංවර්ධනය සමඟ එකට බද්ධ කරගනීවි යැයි හිතන්නට බැහැ. මම හිතනව ඒක ලොකු ප්‍රශ්නයක් වෙයි කියල. විශේෂයෙන්ම චීනය අප්‍රිකානු කැරිබියන් ප්‍රදේශ වෙත සිය ආර්ථික බලපෑම පතුරුවා හරින්නේ ඒවායෙහි දේශීය මාධ්‍ය වෙත විශාල ආයෝජන ලබාදෙමින්. නමුත් චීනය තමන්ගේ රට තුළ යටිතල පහසුකම් දියුණු කිරීමට මුදල් ආයෝජනය කලත් මාධ්‍ය ප්‍රවර්ධනයට කිසිදු දායකත්වයක් දක්වන්නේ නැහැ. මේ න්‍යායපත්‍රය භයානකයි.'' (ෆ්‍රන්සිස්කා)
උපුටා ගැනීම - ද ගාඩියන් වෙබ් අඩවියෙන්
පරිවර්තනය - සුරේඛා සමරසේන
0 comments :
Post a Comment