වසර 27 කට පසුව අත ලකුණ ඡන්ද පත්‍රිකාවට

වසර 27 කට පසුව අත ලකුණ ඡන්ද පත්‍රිකාවට
අවසන් වරට ශ්‍රීලංකා නිදහස් පක්ෂය නමින් මැතිවරණයකට ඉදිරිපත් වී ඇත්තේ 1991 වසරේදීය. එයද පළාත් පාලන මැතිවරණය වීම විශේෂත්වයකි.
 
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසන්නේ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී අත ලකුණින් ආයතන කිහිපයකට තරග කරන බවයි. වෙනත් ආයතන සඳහා සන්ධානගතව එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට නියමිත වේ.
 
මහින්ද අමරවීර මහතා පවසන්නේ 1991 වසරේදී තමන්ද අත ලකුණ යටතේ තංගල්ල නගර සභාවට තරග කළ බවයි. එහිදී ශ්‍රීලනිපය ජයග්‍රහණය කළ අතර තමන් නගර සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ බව ද ඔහු පවසයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment