මේ නිසා පැරණි අයිෆෝන් මාදිලිවල ක්‍රියාකාරිත්වය ප්‍රමාද කරන අප්ඩේට් එකක් ලබාදීම සම්බන්ධයෙන් ඇපල් සමාගම දීර්ඝ ලිපියක් ලියමින් සිය පාරිභෝගිකයන්ගෙන් සමාව ඉල්ලා සිටියේය. ඒ සමගම එම ජංගම දුරකථන යථා තත්වයට පත් කරගැනීම සඳහා උපකාරයක් වශයෙන් අයිෆෝන් බැටරිවල මිල, වසරක කාලයක් සඳහා පහළ දැමීමට ද සමාගම තීරණය කළේය.
ඒ අනුව 2018 ජනවාරි මාසයේ පටන් අයිෆෝන් බැටරිවල මිල ඩොලර් 29 ක් දක්වා පහළ දැමෙන අතර, 2019 වසරේ ජනවාරියේදී එය, එහි සුපුරුදු මිල වන ඩොලර් 79 දක්වා නැවත ඉහළ නැංවෙනු ඇත.
ඔවුන් විසින් මෘදුකාංග යාවත්කාලීන කිරීමක් ඉල්ලා සිටියේ ද බැටරියේ ආයුකාලය සහ ජීව ගුණය ඉහළ දැමීම සඳහා iOS පද්ධතිය යාවත්කාලීන කළ යුතු බව කියමිනි.
ඇමරිකානු පාරිභෝගිකයන් මේ වන විටත් චෝදනා කර තිබෙන්නේ, මෙය නව අයිෆෝන් මාදිලි මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයන් ව පෙළඹවීමට කළ වෙළඳ උපක්‍රමයක් වැරදී යාමක් බවයි. මේ අතරින් කිහිප දෙනෙක් මේ වන විට ද ඇපල් සමාගමට එරෙහිව නඩු ද පවරා තිබේ.
මෙයට වසරකට පමණ පෙර ඇපල් අයිෆෝන් පාරිභෝගිකයන් චෝදනා කර සිටියේ, බැටරියේ බලය තිබියදී ද හදිසියේ සිය උපාංග අක්‍රිය වන බවයි. මෙය, ලිතියම් අයන් බැටරි පරණ වීමේදී සිදුවන සාමාන්‍ය දෙයක් බව ඇපල් සමාගම එහිදී කියා තිබිණි. ඔවුන් නම අයිඕඑස් පද්ධතියේ යාවත්කාලීන කිරීම හඳුන්වා දුන්නේ මෙම ගැටළවට ද පිළියමක් වශයෙනි.
ඇපල් සමාගම කියා තිබෙන්නේ අයිෆෝනයේ බැටරිය, නව බැටරියකට මාරු කිරීමෙන් දැනට පවතින මන්දගාමී වීමේ ප්‍රශ්නය සහමුලින්ම නිවැරදි වන බවයි. අයිෆෝන් නියෝජිතයෙකු වෙත යාමෙන් හෝ ඇපල් සමාගම වෙත අයිෆෝනය එවීමෙන් ද මෙම පහසුකම ලබාගත හැකි බව ඇපල් සමාගමේ නිල නිවේදනය සඳහන් කරයි.
- අමාලි ජයවීර
0 comments :
Post a Comment