රොෂාන්ගේ නව විවාහය සැලවීමෙන් පසු පරණ පෙම්වතිය සුනලි ඇවිළෙයි (Audio)


රොෂාන්ගේ නව විවාහය සැලවීමෙන් පසු
පරණ පෙම්වතිය සුනලි ඇවිළෙයි (Audio)

ටෙලි නාට්‍ය නළු රොෂාන් පිලපිටිය චතුරිකා පීරිස්ගෙන් වෙන්වීමෙන් පසු ජනමාධ්‍යවේදිනියක හා සමීප ඇසුරක් පවත්වා තිබුණ බවත් අනතුරුව පසුගියදා ඔහු ඔහුට වඩා බෙහෙවින් ළාබාල 22 හැවිරිදි රිද්මා නමැති නවක නිළියක හා විවාහ වූ බවත් මින් ඉහත වාර්තා විය.
මෙම පළහිලව් ප්‍රචාරය වීමත් සමග ඇමරිකාවේ ලොස්ඇන්ජලීස් නුවර වාසය කරන රොෂාන්ගේ පැරණි පෙම්වතිය වූ සන්ඩේ ලීඩර් හිටපු ජනමාධ්‍යවේදිනී සුනලි රත්නායක රොෂාන් සම්බන්ධ දීර්ඝ විස්තර කිරීමක් කරමින් හඬ පටයක්
නිකුත්කර තිබේ.

ඇය පවසන්නේ රොෂාන් චතුරිකා සමග වසර 7 ක් ජීවත්වූ පසු තමා සමග වසර 5ක් ඇසුරු කළ බවකි.

තමා ඇමරිකාවේ සේවයට වරින්වර ගිය කාලයේත් තම මව මින් මාස කිහිපයකට පෙර පිළිකාවකින් පීඩා විඳි කාලයේත් තමාගෙන් දුරස්වූ රොෂාන් වරින්වර විවිධ කාන්තාවන් ඇසුරු කළ බවත් තමාගෙන් ලක්ෂ ගණන් මුදල් ලබාගත් ආකාරයට ඒ අයගෙන්ද මුදල් ලබාගත් බවයි.

තම මවගේ පිළිකා තත්වය අතරේ තමා විඳි පීඩාව නොසලකා වෙනත් අය ඇසුරු කරන බව තේරුම් යාමෙන් පසු තමා රොෂාන් සමග සම්බන්ධය අත්හළ බවත් ඉන්පසු ඔහු මේ කියන නවක නිළිය සමග සම්බන්ධවී ඇති බවත් ඇය පවසයි.
මේ නවක නිළිය මින් පෙර විවාහවූ අයෙකු බවද වාර්තා කර තිබේ.
මේ අතර සුනලි රත්නායකගේ ෆේස් බුක් පිටුවේ රොෂාන්ට ප්‍රතිප්‍රහාර යයි හැඟවෙන ආකාරයට වෙනත් අලුත් පෙම්වතෙකු සමග ඇය පෙනී සිටි ඡායාරූප කිහිපයක්ද ඊයේම පළ කර තිබෙනුද දක්නට ලැබේ.
සුනලි කියා තිබෙන විස්තරය පහතින්

සුනලි නව මිතුදමක
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment