විමල්ගෙන් පලිගන්නයි මේ හදන්නේ - ජයන්ත සමරවීර


 ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක ජයන්ත සමරවීර පිටකෝට්ටේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් මෙසේ කියා තිබේ.

"ජා.නි.පෙ. නායක විමල් වීරවංශ මහතාටත් නායක මණ්ඩලයටත් එරෙහිව දැවැන්ත අවලාද මෙහෙයුමක් මේ දිනවල දියත් වෙමින් තිබෙනවා. මේ මොහොතේ රටට හිතැති සියලු බලවේගවල වගකීම වී ඇත්තේ ඉහත ලෙස රට වළපල්ලට අරගෙන යෑමට ඉඩ දෙනවාද නැද්ද යන්නට පිළිතුරු ලබා දෙන ජනමත විචාරණයක් බවට මෙවර පළාත් පාලන මැතිවරණය පත් කර ගැනීමයි.

මේ ආණ්ඩුවත් එහි බටහිර හාම්පුත්තුත්

ඉහත කී ජනමත විචාරණය පරදින්න සූදානම් නැහැ. ඔවුන් දන්නවා, මහින්ද රාජපක්ෂ නමැති දේශපාලන සාධකය වටා ඒකරාශී වී සිටින දේශපාලන බලවේග, ජන පවුර විනාශ කිරීමෙන් තොරව, ඒවා සීසීකඩ කිරීමෙන් තොරව තමන්ට දිනන්න බැහැ කියලා. අන්න ඒ අනුව සතුරා සැරසෙනවා, අද ඒ දේශපාලන බලවේග, ජන පවුර විනාශ කිරීමට.
වරදාන, වරප්‍රසාදවලින් නමා ගන්න බැරි වුණාම විමල් වීරවංශ මහතාගේ ආදරණීය බිරිය, සහෝදරයා හිරේ දමලා මට්ටු කරන්න බැලුවා. එහෙම බැරි වුණාම අපේ පක්ෂයේ නායකයන් ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුස්ම්මිල් මා ඇතුළු පිරිසක් හිරේ දැම්මා. අවසානයේ විමල් වීරවංශ මහතා අභුත චෝදනා නඟා දින 87ක් හිරේ තැබුවා. මේ සියල්ලටම අපි ශක්තිමත්ව මුහුණ දුන්නා.

අවසානයේ තම සියලු සැලසුම් අසාර්ථක වුණාට පස්සේ සතුරා අපේ පක්ෂය ඇතුළතින්ම අපට "සතුරෝ" හදන්න තීරණය කර තිබෙනවා. ඒ අනුව අපේ පක්ෂය ඇතැම් දුර්වල සහෝදරවරු ඒ පැත්තට අරගෙන දැවැන්ත අවලාද ව්‍යාපාරයක් අරඹා තිබෙනවා.

 අද සිදුවන්නේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ මේ රට රකින ජාතිකවාදී ජන පවුර දුර්වල කිරීමේ මෙහෙයුමයි. කැබිනට් අමාත්‍ය ධුර අපි සියලු දෙනාටම ලබා දෙන්න කතා කළත් කෝටි ප්‍රකෝටි ගණන් මුදල් දෙන්න කතා කළත් ඒ වරදාන, වරප්‍රසාදවලට අපි සියලු දෙනා නැමෙන්නේ නැහැ. අඩි 100ක් ගැඹුරු බිම් ගෙයක දමා සිරගත කළත් අපි සතුරා ඉදිරියේ හිස නමන්නේ නැහැ"
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment