ස්ත්‍රී-පුරුෂභාවයවත් නොදන්නා නෙළුම් පොහොට්ටු නායකයෝ

ස්ත්‍රී-පුරුෂභාවයවත් නොදන්නා නෙළුම් පොහොට්ටු නායකයෝ

 

විශේෂත්වය වූයේ පුංචි ඡන්දයේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ නාමයෝජනා පත්‍ර 06 ක් ම විවිධ හේතු නිසා ප්‍රතික්ෂේප වීමයි. ඒ අනුව පානදුර, මහරගම සහ වැලිගම නගර සභා මෙන්ම අගලවත්ත, බදුල්ල, මහියංගනය යන ප්‍රාදේශීය සභා සඳහා එම පක්ෂය ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප කෙරිණි.

මෙම බොහෝ නාමයෝජනා ලැයිස්තු ප්‍රතික්ෂේප වී ඇත්තේ නාමයෝජනා පත්‍ර පිරවීමේදී දක්වා ඇති නොසැලකිල්ල හේතුවෙනි. මේ අතරින් මහරගම නගර සභාව සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රයේ කාන්තා අපේක්ෂකයන්ගේ ස්ත්‍රී-පුරුෂභාවය පිරිමි ලෙස සඳහන් කර ඇති අතර පානදු නගර සභා ලැයිස්තුවේ අපේක්ෂකයන් අත්සන් කළ දිනය සඳහන් කර නොමැත. අගලවත්ත ප්‍රාදේශීය සභා ලැයිස්තුවේ දිනය දෙසැම්බර් 14 වෙනුවට දෙසැම්බර් 17 ලෙස සඳහන් කර තිබිණි.

මීට අමතරව බදුල්ල ප්‍රාදේශීය සභාව සඳහා පොහොට්ටුව ලකුණින් ඉදිරිපත් වූ අපේක්ෂක ලැයිස්තුවේ එක් අපේක්ෂකයෙකුගේ නම සඳහන් කර නොමැති අතර ඔහුගේ අත්සන පමණක් යොදා තිබිණි.

මේ අතර පොදුජන පෙරමුණේ සභාපති ජී.එල්. පීරිස් මහතා පවසන්නේ ප්‍රතික්ෂේප වූ ඇතැම් නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇති බවයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment