ඊපීඩීපී අපේක්ෂකයන්ගෙන් 50% ක් කාන්තාවන් - ඩග්ලස් දේවානන්දා

ඊපීඩීපී අපේක්ෂකයන්ගෙන් 50% ක් කාන්තාවන් - ඩග්ලස් දේවානන්දා

මේ සම්බන්ධයෙන් ඊපීඩීපී පක්‍ෂයේ නායක ඩග්ලස් දේවානන්දා මහතා සඳහන් කළේ සුදුසුකම් සහිත හා අත්දැකීම් සහිත උතුරේ කාන්තාවන් මෙවර මැතිවරණයට ඉදිරිපත් කරන බවය.

තමා සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල කළ දෙමල ජාතික සන්ධානය සහ ඇතමුන් කිසිදු චෝදනාවක් ඔප්පු කර පෙන්වීමට අසමත් වී සිටින බවත් මෙම සියලූ චෝදනා දේශපාලන වුවමනාවන් වෙනුවෙන් කළ අසත්‍ය ප‍්‍රකාශ පමණක් බව දැන් තහවුරු වී තිබෙන බවත් ඩග්ලස් දේවානන්දා මහතා සඳහන් කළේය.

දෙමල ජාතික සන්ධානය උතුරේ ජනතාවට ලබා දුන් පොරොන්දු බොහොමයක් මේ දක්වා ඉටු කර නැතැයි පැවසූ දේවානන්දා මහතා ජනතා ප‍්‍රශ්න සඳහා විසඳුම් ලබා දිය හැකි එකම විකල්පය වශයෙන් ඊපීඩීපී පක්‍ෂය ක්‍රියා කරන බවත් එ් අනුව මෙවර පලාත් පාලන මැතිවරණයේදී ජනතාව සුදුසු තීරණය ගනු ඇති බවත් ප‍්‍රකාශ කළේය.

අශන්ති වරුණසූරිය

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment