පොහොට්ටුවේ නාම යෝජනා මහරගමින් හා වැලිගමින් විසිවෙයි.


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහරගම හා වැලිගම යන ප්‍රදේශ සඳහා ලබා දුන් නාම යෝජනා ප්‍රතික්ෂේප වී තිබේ.

මහරගම නඟරයේ නාම යෝජනා ප්‍රතික්ෂේප වී තිබෙනේ එක් අපේෂිකාවකගේ තොරතුරු පිරවීමේදී ඇයගේ ස්ත්‍රී පුරුෂ භාවය සටහන් නොකිරීම නිසාවෙනි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් දෙහිවල ගල්කිස්ස හිටපු නගරාධිපති ධනසිරි අමරතුංග මහතාගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් තම පක්ෂයේ නීතිඥවරුන්ගේ නීති උපදෙස් අනුව හෙට දිනයේදී අධිකරණය හමුවේ කරුණු වාර්තා කිරීමට බලාපොරොතු වන බවයි.

මේ අතර වැලිගම නගර සභාව සඳහා ඉදිරිපත් කළ නාම යෝජනාව ප්‍රතික්ෂේප වි තිබෙන්නේ නිසි බලධාරියෙකුගේ අනුමැතිය යටතේ ඉදිරිපත් නොකිරීම නිසාවෙනි.

මේ සම්බන්ධයෙන් නැවත වරක් විරෝධතාවයක් ගොනු කිරීමේදී එයද ප්‍රතික්ෂේප වී ඇති අතර ප්‍රදේශීය සභාවේ හිටපු සභාපති කේ. මුතු කුමාරන මහතා කියා සිටියේ ඉදිරියේදි මේ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට බලාපොරොතු වන බවයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment