ඩයනා කුමරියගේ පිළිරුවක් නෙළන්න මරණින් වසර 20 කට පසු මුල්වරට අනුමැතිය

ලෝකයම හඩවමින් මීට වසර 20 කට පෙර 1996දී හදිසි අනතුරකින් මියගිය බ්‍රිතාන්‍යයේ ඩයනා කුමරිය ගැන විවිධ අය නොයෙකුත්වර සිහිපත් කිරීම් සිදු කළත් ඇය වෙනුවෙන් රජ මාළිගයේ පිළිරුවක් නිර්මාණය
කරන්නට කිසිවෙකුට මේ දක්වා

අවසර ලැබී තිබුනේ නැත. මින් වසර 5 කට පමණ පෙර එක්තරා මූර්ති ශිල්පියෙකු ඩයනාගේ පිළිරුවක් තනා එය ප්‍රසිද්ධ කරන්නට උත්සාහයක යෙදී තිබියදී බ්‍රිතාන්‍ය මහරැජින එය වළක්වා ඉවත් කර තිබුණි.
කෙසේ වෙතත් දශක දෙකක් ගතවීත් ඩයනා කුමරිය වෙනුවෙන් ලෝකයා දක්වන ආදරය තවමත් එලෙසම පවතින අතර විලියම් හා හැරී කුමරුවන් තවමත් සිය මෑණියන් ආදරයෙන් මතක් කරන නිසාම ඒ ගැන ජනතාවටද ඇත්තේ අනුවේදනීය හැඟුමකි.
මේ අතර ඊයේ බ්‍රිතාන්‍ය රජ මාලිගයෙන් වාර්තා වූයේ මේ දක්වා ඩයනා කුමරියගේ පිළිරුවක් වෙනුවෙන් නොතිබුණ අවසරය විළියම් හා හැරී කුමරුවන්ගේ කැමැත්ත මත මූර්ති ශිල්පියෙකුට ලැබුණ බවකි.
පිළිරුව තනන්නට තෝරාගත් මූර්ති ශිල්පියා ඉයන් රෑන්ක් බ්‍රේාඩ්ලේ නමැති 65 හැවිරිදි සුප්‍රකට කලාකරුවෙකි. ඔහු 1998 සිට මේ දක්වා බ්‍රිතාන්‍යෙය් නිකුත් කරන කාසි වල රැජිණගේ රුව නිර්මාණය කළ කෙනාය. එසේම එංගලන්තයේ හිටපු හමුදා නායකයින් රැසකගේ ජීවමාන පිළිරූ අලංකාර ලෙස මූර්තියට නැගූ ශිල්පියා ලෙසද ඔහු නමක් දිනා ඇත.
2018 දී ඩයනා වාසය කළ කෙන්සිංටන් මාලිගයේ ඩයනාගේ ජීවමාන පිළිරුව පිහිටුවනු ඇත.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment