‘‘හැම මිනිහෙක්ම මැරෙන්නෙ තනියෙන්’’

‘‘හැම මිනිහෙක්ම මැරෙන්නෙ තනියෙන්’’

එපමණකුදු නොව එදිනෙදා කාර්යන්ට අමතරව අත්‍යාවශ්‍යම වූ කාර්්‍යයන් ස`දහා වෙන්කර තිබූ කාලයද එම කියවීම විසින් නිර්දය ලෙස සොරාගෙන තිබිණ. එමගින් සිදු වූ පාඩුව පවා ගණන් නොගත යුතු වූයේ එම කියවීම මගින් මාගේ අනෙකුත් සියලූ කාර්්‍යයන් දෙවෙනි පෙළට ඇද දැමීමට තරම් සිත් පැහැර ගැනීමක් එම ලියවිල්ලේ තිබූ බැවිණි. ඒ ම`ගහැරයා හැකි කිසිදු පරිච්ඡෙදයක්, වාක්‍යයක් හෝ වචනයක් එම ලියවිල්ලේ ඇතුලත් වී නොතිබීමේ අපූර්වත්වයයි.

අවිහිංසාවාදය තුල රජයන හිංසාව
සිනහව තුල ගැබ්වූ වෛරය
අනුකම්පාව තුල පැසවන ක්‍රෝධය
දයාබරිතව සිදුකරනු ලබන ඝාතනය

ඇදහිය නොහැකි මුත් ඇදහිය යුතුම දේ බවට පත්වී හමාරය. විශ්වාස කළ නොහැකි බොහෝ දේ විශ්වාසනීය අයුරින්ම පැහැදිලිකර දීමට සමත් වූ එම ලියැවිල්ල අපූර්වත්වයෙන් හරිම අපූරුය. එදා ජර්මනිය අත්දුටු සත්‍ය සිදුවීම් අරභයා පණගැන්වී ඇති එම ලියැවිල්ල අපට ද ආගන්තුක නොවන බවක් හැගෙන සහ දැනෙන සුළුය.

තම පැවැත්ම වෙනුවෙන් හෝ උන්නතිය වෙනුවෙන් තමාගේම අනෙකාව පාවා දීමට හෝ විනාශ කිරීමට උත්සාහ ගන්නා සමාජය තුල අනෙකාගේ පැවැත්ම වෙනුවෙන් තම ජීවිතය වුව පූජා කිරීමට තරම් හෘදයාංගම, දයාබරිත සහ ආදරණීය එක් මනුෂ්‍ය ආත්මයක් කොතැනක හෝ සිටින්නේ නම් එය කෙතරම් වාසනාවක්ද..? ඒකාධිපතිත්වය සහ යුද්ධය තුළ පීඩා වි`දින සියල්ලන්ගේම යහපත වෙනුවෙන් තමන්ට හැකි උපරිමයෙන්දා යක වීම තම ජීවිතය පමණක් නොව තම ආදරණියයන්ගේ ද ජීවිත උගසට තැබීමක්නො වන්නේද..? සැබැවින්ම එය වරදක්ද..? කෝපයක් සහ ආදරයක් එකවර ඇතිකරවන එම ලියැවිල්ල සැබැවින්ම විශ්මිතය. ඒකාධිපති පාලනයකට එරෙහිව තම සිතට දැනෙන පීඩනය වෙනුවෙන් තමන්ට හැකි උපරිමයෙන් දායක වී ලංකර ගන්නා නපුර සිනහවෙන්සහ උපේක්‍ෂාවෙන් දරා ගැනීමට හැකි ධෛර්්‍යවන්තයා වැළ`ද ගැනීමට අපගේ දෑත් දිගු නොවන්නේද..?

මම ද හසුවූ ඔබද අනිවාර්්‍යයෙන්ම හසුවිය යුතු බටහිර ලේඛක හෑන්ස් ෆැල්ලඩා විසින්" Avery Man Dies Alone", නමින් රචිත ප‍්‍රවීණ ශී‍්‍ර ලාංකේය ලේඛකයෙකු වන ගාමිණී වියන්ගොඩ විසින පරිවර්තනය කරන ලද ‘‘හැම මිනිහෙක්ම මැරෙන්නෙ තනියෙන්’’ නම් වූ කෘතිය වෙනුවෙන් මේ සටහන තබන මා විචාරකයෙකු හෝ විමර්ශකයෙකු නොවන අතර එම කෘතිය කියවීමෙන් සසල වූ සිතැති ව පහළ වූ අවංක සිතුවිලි කඩදාසියක් මත කරන ලද කුරුටුගෑමක් පමණි

එම කෘතිය මා ලවා කියවාලීමට රාජිත දිසානායක නම් වූ නාට්‍යකරුවා අප‍්‍රසිද්ධියේ පුද්ගලිකව දෙතුන් වරක් උත්සාහ කර ජයගත් අතර මා ඔහු පරයමින් ප‍්‍රසිද්ධියේ උත්සාහ කරනුයේ එම කෘතිය කියවීමෙන් මා ලත් අමන්දානන්දයට හැකි ඉක්මණින් ඔබ ද පත්කරවාලීමයි. මාගේ අවංක උත්සාහය පරාජය කරලීමට ඔබ උත්සාහ නොගන්න. ඔබගේ වැඩ කටයුතු මදකට අතපසු කර හෝ ග‍්‍රෑම් 854 ක් බරැති  ‘‘හැම මිනිහෙක්ම මැරෙන්නෙ තනියෙන්’’ කියවා රසවි`ද හදවත කිලෝ ගණනකින් හැ`ගුම්බර කරගන්නා මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි
‘‘හැම මිනිහෙක්ම මැරෙන්නෙ තනියෙන්’’


ජූඞ් ශී‍්‍රමාල්

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment