අපොස උපෙළ විභාග ප්‍රතිඵල නිකුත් වෙයි; දිවයිනේ ප්‍රථමයන් මෙන්න!

අපොස උපෙළ විභාග ප්‍රතිඵල නිකුත් වෙයි; දිවයිනේ ප්‍රථමයන් මෙන්න!

ඒ ඒ විෂයධාරා වලින් දිවයිනේ ප්‍රථම ස්ථාන ලබාගත් අපේක්ෂකයන් මෙසේයි.

ජෛව තාක්‍ෂණවේදය - රත්නපුර සීවලී මහා විද්‍යාලයේ ලක්ෂිත චතුරංග මැදලගම
ඉංජිනේරු තාක්‍ෂණවේදය - මාතර මහින්ද රාජපක්‍ෂ විද්‍යාලයේ රන්සිරිනි හෙට්ටිආරච්චි
පොදු විෂයධාරාව - කොළඹ දේවි බාළිකා විද්‍යාලයේ හිරුණි ශාක්‍යා අබේතුංග
කලා - රත්නපුර සද්ධර්මාලංකාර පිරිවෙනේ පූජ්‍ය පත්බේරියේ මුනින්දවංශ හිමි
වාණිජ - මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ දුලානි රන්තිකා
භෞතික විද්‍යා - පේදුරුතුඩුව හාට්ලි විද්‍යාලයේ ශ්‍රීධරන් ද්වාකරන්
ජීව විද්‍යා - මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ දිලිනි සඳුනිකා පළිහක්කාර

මෙවර අ.පොස. උසස් පෙළ විභාගය සඳහා විභාග මධ්‍යස්ථාන 2230ක දී අයදුම්කරුවන් 315,227 දෙනෙක් ද, විශේෂ අයදුම්කරුවන් 260 දෙනෙක් පෙනී සිටියහ.

පාසල් මට්ටමේ ප්‍රධාන කඩඉම් විභාග තුනෙහි ම (5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, අ.පො.ස. (සා/පෙළ) විහාගය හා අ.පො.ස.(උ/පෙළ) විභාගයේ) ප්‍රතිඵල සෑම වසරක ම නියමිත දිනයට නිකුත් කෙරේ. ඒ අනුව 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සෑම වසරක ම ඔක්තෝබර් මස 5 වැනි දිනත්, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මාර්තු 28 වැනි දිනත්, උසස් පෙළ ප්‍රතිඵල දෙසැම්බර් මස 28 වැනි දිනත් නිකුත් කිරීමට නියමිතයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment