වසර 21ක කාලයක් විපක්ෂයේ සිට 2015 මහමැතිවරණයෙන් තනිව ආණ්ඩුවක් පිහිටුවීමට හෝ එජාපයට නොහැකි වුයේ යැයි අසාද් සාලි මහතා කියා සිටියේය. දැන් පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කර ඊළඟට තනිව ආණ්ඩුවක් පිහිටුවන බවට ප්‍රකාශ කළද වසර 21 විපක්ෂයේ සිට ආණ්ඩු බලයක් ලබා ගැනීමට නොහැකි වූ තත්ත්වයක එම කතාව කොතරම් දුරට විශ්වාස කළ හැකිද යන ප්‍රශ්නය පවතින බව හෙතෙම පෙන්වා දුන්නේය. එදා මහින්ද රාජපක්ෂ මහතා පරාජය කළා සේම අද එක්සත් ජාතික පක්ෂය පිළිබඳවද ජනතාව කලකිරීමෙන් පසුවන බව සාලි මහතා පැවසීය. ඊට හේතුව හොරුන්ට නිදැල්ලේ සිටීමට ඉඩ තැබීම හා හොරු වෙනුවෙන් පෙනී සිටම බවයි ඔහු අවධාරණය කළේ.
නිශාන්ත ප්‍රියදර්ශන
0 comments :
Post a Comment