චීනය සමග ඇති කර ගත් රබර්-සහල් ගිවිසුමට වසර 65 යි

චීනය සමග ඇති කර ගත් රබර්-සහල් ගිවිසුමට වසර 65 යි

 

1952 ඔක්තෝබර් 04 වන දින චීනය හා ශ්‍රී ලංකාව අතර මෙම ගිවිසුම අත්සන් තැබුණු අතර එතැන් සිට සෑම වසර පහකට වරක්ම 1958,1962,1967,1972,1977,1982 ආදී වශයෙන් මෙම ගිවිසුම අලුත් කර තිබේ.

චීනය සමග මින් වසර 65 කට පෙර අත්සන් තැබූ රබර් සහල් ගිවිසුම, වෙළද ගිවිසුමකට වඩා කළ්‍යාණ මිත්‍රත්වය සංකේත්වයත් කරන විශිෂ්ඨ බැදීමක් බව මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් කථානායක කරු ජයසූරිය මහතා පැවසීය.

එක්සත් ජාතීන්ගේ සාමාජිකයෙකු ලෙස චීනය පිළිගත් පළමු දකුණු ආසියාතික රට, ශ්‍රී ලංකාව බවත් මින් දශක 6 කට පෙර තම යෝධ ලෙන්ගතු මිතුරා වන චීනය වෙනුවෙන් නිර්භයව පෙනී සිටි බවත්, දිවංගත ඩී.එස්.සේනානායක අග්‍රාමාත්‍යතුමන් පදනම දැමූ ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික බැඳීම ඩඩ්ලි සේනානායක අග්‍රාමාත්‍යවරයාගේ සිට සෑම යුගයකදීම පියවරෙන් පියවර ඉදිරියට පැමිණි බවත් කථානායකවරයා පෙන්වා දුන්නේය.

මේ අවස්ථාවේදී චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතා අදහස් දක්වමින් 1952 වන විට චීනය වෙළද ගිවිසුම්වලට එළඹ තිබුණේ සමාජවාදී රටවල් සමග පමණක් වුවත් සාමාජවාදී ප්‍රතිපත්තියෙන් බැහැර රටක් සමග වෙළද ගිවිසුමකට එළඹීමේ පළමු අවස්ථාව චීන ශ්‍රී ලංකා රබර් සහල් ගිවිසුම බවත් පෙන්වා දුන්නේය.

 rice bon 2

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget