පොරොන්දම - මල්ලිකා එම් බණ්ඩාර​

පොරොන්දම - මල්ලිකා එම් බණ්ඩාර​

 

 

පොරොන්දම සීහුනේ නැතිදා

සමු ගතිමු යළි හමු නොවන්නට​

ඉතින් ඇයි අපි වෙන්වුණේ

මෙවන් තැනකදි මුණගැහෙන්නට​

 

වරිගයේ අබිමන් බිඳින්නට

නොහී නික්මුණ ගිහි දනව්වෙන්​ ​

නිරාමිස සුව පතා ආවද​

සසර සයුරෙන් එතෙර වෙන්නට​

 

​යළිත් ​එකලාවම ඇවිත් අපි ​

එකම දැහැනක බැඳී ඉන්නට​

පොරොන්දම ගැලපුනේ කොහොමද​

ලොවම​ දුක බව මෙනෙහි වෙන්නට​​?

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment