අම්මාගේ වියෝව දරාගත නොහැකිව පුතා දුම්රියට පැන දිවි නහගෙන


මවගේ මිය යෑම දරාගත නොහැකි වූ 17 හැවිරිදි තරුණයකු ඊයේ (08දා) අලුයම දුම්රියට පැන සියදිවි හානිකර ගැනීමේ සෝචනීය සිද්ධියක් මාතලේ වරකන්දවත්ත ප්‍රදේශයෙන් වාර්තා වේ.
වරකන්දවත්තේ ශෂික ජයසේකර (17) නමැති තරුණයකු මෙම අවාසනාවන්ත ජීවිත හානිය කර ගෙන ඇති බව මාතලේ මූලස්ථාන පොලිසිය පවසයි. හදිසියේ මියගිය මවගේ මළ සිරුර නිවෙසේ තිබියදී නිවෙසින් පිටව ගිය මෙම තරුණයා 'මට ගෙදරට ගොඩ වෙන්න හිත දෙන්නේ නෑ අයියේ...,
කියා තම ඥාති සහෝදරයකුට ඇමතුමක් ලබාදී මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණපා ඇති බව මූලික පරීක්‍ෂණයේදී අනාවරණය වී තිබේ. නිවෙසින් පිටව ගිය මෙම තරුණයා පැය කීපයකින් නිවෙසට නොපැමිණීම නිසා කලබලයට පත් නිවැසියන් ඔහුගේ අතුරුදන්වීම පිළිබඳ ඥාතීන් සහ හිතමිතුරන් සමඟ සොයා බලා ඇති නමුත් සොයා ගැනීමට නොහැකි වී ඇත.

'අයියේ මම වරකන්ද දුම්රිය නැවතුම්පොළේ ඉන්නේ. මට ගෙදරට එන්න බැහැ... 07දා රාත්‍රි මෙවැනි පණිවුඩයක් ලබාදී ඇති ශෂිකගේ මළ සිරුර 08දා උදේ මාතලේ - මහනුවර දුම්රිය මාර්ගයේ වරකන්ද දුම්රිය නැවතුමට මීටර් කීපයක් නුදුරින් තිබියදී සොයා ගැනීමට හැකිව ඇත. මෙම මරණය සම්බන්ධයෙන් මාතලේ මූලස්ථාන පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

මාතලේ -හේවා පී. කරුණාරත්න
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment