විරාත් කෝලි - අනුෂ්කා ෂර්මා ඉතාලියේදී යුග දිවියට


විරාත් කෝලි - අනුෂ්කා ෂර්මා
ඉතාලියේදී යුග දිවියට

ලංකාවේද වැඩි වශයෙන් කථාබහට ලක්වූ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි හා බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මා ඊයේ (11) ඉතාලියේදී යුග දිවියට පිවිසියා. ඉන්දීය විවාහ චාරිත්‍ර අනුව පැවති ‘මෙහෙන්දි උත්සවය‘ ඊයේ ඉතාලියේ ටස්කනි නුවර දැඩි ආරක්ෂක රැකවල් සහිත හෝටලයකදී පැවති බවත් ඒ සඳහා පවුලේ හිතවතුන් පමණක් සහභාගී වූ බවත්
අනුෂ්කාගේ කළමනාකරු

උපුටා දක්වමින් එන්ඩීටීවී නාලිකාව වාර්තා කර තිබේ.
අනුෂ්කා හා විරාත් 2013 වසරේදී මුල්වරට මුණගැසී පෙම්වතුන් බවට පත්වූයේ රූපවාහිනී දැන්වීමක් රූගත කරන්නට ගිය අවස්ථාවකය. ඉන්පසු වරින්වර විවිධ හේතු නිසා ඔවුන් වෙන්වීම් එක්වීම් ගැනද මාධ්‍ය තුළ කතා පළවිය.

අවසානයේ එකට ජීවත්වීමට තීරණය කළ ඔවුන්ගේ විවාහ උත්සවයේ මුල් අවස්ථාව ඉතාලියේදී මේ ආකාරයට සිදුව ඇත. උත්සවාකාරයෙන් විවාහය ලබන දෙසැම්බර් 26 වනදා පවත්වන්නට නියමිත බවත් වාර්තාවී තිබේ.
මෙම දෙදෙනාගේ විවාහය වෙනුවෙන් බොලිවුඩ් තාරුකා රැසක් සිය ට්විටර් ගිණුම් ඔස්සේ විවිධ සුබපැතුම්ද මේ වනවිට තබා තිබේ.














Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment