ගීතා නිසා, බෙන්තොට පොහොට්ටුව දෙදරයි.


හිටපු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය විසින් පොහොට්ටුව ලකුණින් තරග කිරීමට නාමයෝජනා ලබා නොදුන්නැයි පවසමින් බෙන්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂනායකවරයකු ලෙස කටයුතු කළ එල්.ඩබ්ලිව්. රත්නපාල මහතා ඇතුළු පිරිසක් අද(11) ස්වාධීන කණ්ඩායමක් වශයෙන් ගාල්ල දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් හමුවේ ඇප මුදල් තැන්පත් කළහ.    

බෙන්තොට ප්‍රාදේශීය සභාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  නාමයෝජනා ලැයිස්තු සකස් කිරීම ගීතා කුමාරසිංහ මහත්මියගේ වුවමනා එපාකම් මත සිදුකළ බවත් ඇය හිතාමතාම තමන් ඇතුළු සභිකයන් කිහිප දෙනෙකුගේ අපේක්ෂකත්වය සඳහා අදාළ නිර්දේශ යවා නොමැති බවත් එසේ හෙයින් තමා ඇතුළු එම පිරිස ස්වාධීන කණ්ඩායමක් වශයෙන් ඇප මුදල්  තැන්පත් කිරීමට  කටයුතු කළ බවත් රත්නපාල මහතා පැවසීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment