ගීතා බෙන්තොට පොහොට්ටුව අවුල් කරලා


ගීතා කුමාරසිංහ මහත්මිය පොහොට්ටුව ලකුණින් තරග කිරීමට නාම යෝජනා ලබා නොදුන්නැයි පවසමින් වසර 17 අඛණ්ඩව බෙන්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායකවරයකු වශයෙන් කටයුතු කළ
එල්.ඩබ්ලිව්. රත්නපාල මහතා

ඊයේ ගාල්ල දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරයා හමුවේ ස්වාධීන කණ්ඩායමක් ලෙස ඇප මුදල් තැන්පත් කළේය.
බෙන්තොට ප්‍රාදේශීය සභාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාම යෝජනා ලැයිස්තු සකස් කිරීම ගීතා කුමාරසිංහ මහත්මියගේ වුවමනා එපාකම් මත සිදුකළ බවත් ඒ මහත්මිය හිතාමතාම තමන් ඇතුළු සභිකයන් කිහිප දෙනකුගේ අපේක්ෂකත්වය සදහා අදාළ නිර්දේශ යවා නොමැති නිසා තමා ඇතුළු එම පිරිස ස්වාධීන කණ්ඩායමක් වශයෙන් ඊයේ (11දා) ඇප මුදල් තැන්පත් කිරීමට කටයුතු කළ පැවැසීය.

ගීතා කුමාරසිංහ මහත්මියගේ අත්තනෝමතික ක්‍රියාමාර්ගයට විරෝධය පළ කළ ඒ මහතා තමන්ට සිදුකළ අපහසුතාව නිසා බෙන්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රිවරුන් කිහිපදෙනකුගේ සහායද ඇතිව නාම යෝජනා පත්‍රය ඉතාම ඉක්මනින් භාරදෙන බවද වැඩිදුරටත් පැවැසීය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment