දුම්රිය රියදුරකුට මසක උපරිම වැටුප 226000- තවත් පඩි වැඩි කරන්නලු


දුම්රිය රියදුරකු අතිකාල දීමනාද සමඟ මසකට රුපියල් දෙලක්‍ෂ විසි හය දහසක පමණ වැටුපක්‌ ලබන බව දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක්‌ බවට පත්කරමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ අති විශේෂ ගැසට්‌ නිවේදනය පාර්ලිමේන්තුවේදී (11 දා) විවාදයට ගත් අවස්‌ථාවේදී ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති අශෝක්‌ අබේසිංහ මහතා පැවසීය.
රජයේ සේවකයන්ගේ වැටුප

රුපියල් 10,000 කින් වැඩි කළ පසුව දුම්රිය රියෑදුරකුගේ වැටුප ඉකුත් වසර දෙක තුළ පමණක්‌ රුපියල් 22,000 කින් වැඩිවී ඇතැයි පැවසූ ඇමැතිවරයා ඒ අනුව 2020 වන විට එය රුපියල් 54000 දක්‌වා ඉහළ යන බවද කීය.

දුම්රිය රියෑදුරකු දැනට මසකට රුපියල් 1,75,000 ත් 1,80,000 ත් අතර අතිකාල දීමනා ලබා ගන්නා බවත් පැය අටක සේවා මුරයක්‌ කරන රියෑදුරකුට පැය නවයක විවේක කාලයක්‌ තිබෙන අතර එහිදී පැයකට පැය එකහමාර බැගින් අතිකාල පැය 600 ක්‌ ලබා ගන්නා බවත් ඒ මහතා කීය.

එවැනි තත්ත්වයක්‌ ලෝකයේ කිසිදු රටක දැකිය නොහැකි බවත් තත්ත්වය මෙසේ තිබියදී ඔවුනගේ වැටුප් තල තවත් ඉහළ දමන්නැයි ඉල්ලමින් සිදුකරන වැඩ වර්ජනය ඉතාමත් අසාධාරණ බවත් නියෝජ්‍ය ඇමැතිවරයා පැවසීය.

මෙම වැඩවර්ජනයට මුහුණදීමට රජය පියවර රැසක්‌ ගෙන තිබෙන අතර දැනටමත් එක්‌ දුම්රිය වෘත්තීය සමිතියක්‌ සේවයට වාර්තා කර ඇතැයි පැවසූ නි. ඇමැතිවරයා සේවයට නොපැමිණියහොත් සේවය අත්හැර ගියා යෑයි සලකන ලිපි යෑවීම දැනට තාවකාලිකව අත්හැර දමා ඇතැයිද කියා සිටියේය.

අජිත් අලහකෝන්, අකිත පෙරේරා



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment