‘රජයත් අපේ පොලිසියත් අපේ. ගහල එලවනව ඕන එකෙකුට’- ජෝන් [Video]


‘මෙදා සැරේ රජයත් අපේ පොලිසියත් අපේ මේ සැරේ ආවොත් ගහල එලවනව ඕන එකෙකුට’ යයි එක්සත් ජාතික පක්‍ෂයේ ගම්පහ දිස්ත‍්‍රික් නායක සංචාරක හා ක‍්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.

ජාඇල ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

‘මේ සැරේ අවොත් ගහල එලවනව ඕන එකෙකුට. මේ සැරේ රජයත් අපේ පොලිසියත් අපේ.

ඒක නිසා කිසි බයක් සැකක් තියාගන්න ඕන නෑ.

අපට ඕන කරල තියෙන්න තමුන්නාන්සෙලාගෙ වටිනා කතිරය පමණයි’

සහල් පොල් එළවලූ පිටරටින් ගෙන්වීමට තීරණය කර ඇති බවත් සතියක් ඇතුලත සහල් පොල් මිල පහත යනු ඇති බවත් ඇමතිවරයා එහිදී කීවේය.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment