දුම්රිය, සෞඛ්‍ය හා අධ්‍යාපනය සංවෘත සේවාවක් වෙයි !

දුම්රිය, සෞඛ්‍ය හා අධ්‍යාපනය සංවෘත සේවාවක් වෙයි !
පවත්නා වැටුප් තල යටතේ  දුම්රිය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් කළ හොත් එය සෞඛ්‍ය, අධ්‍යාපනය ඇතුළු අනෙකුත් රාජ්‍ය සේවාවන් සඳහාද බලපාන හෙයින් සංවෘත සේවාවක් බවට පත් කිරීමෙන් එම අර්බුදය විසඳෙන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. එම තීරණයට එකඟ වූ හෙයින් දුම්රිය වැඩවර්ජනය අවසන් කිරීමට වෘත්තීය සමිති එකඟතාව පළ කළ බවද රාජිත සේනාරත්න මහතා කියා සිටියේය.    
 
පසුගිය පාලන සමයේ රාජ්‍ය සේවයේ පැවති 132ක වැටුප් තල 34කට අඩුකිරීමෙන් මෙම තාක්ෂණික ප්‍රශ්න මතු වූ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එම ක්‍රියාවලියේ යහපත් පැත්තක් තිබුණද  ලක්ෂ 15ක රාජ්‍ය සේවයක් වැටුප් තල 32කට ගෙන ඒමේදී ප්‍රශ්න මතුවන බවයි හෙතෙම ප්‍රකාශ කළේ. දැනටමත් දුම්රිය සේවාව සංවෘත සේවාවක් බවට පත් කිරීමට තීරණය වී ඇති හෙයින් එළඹෙන කැබිනට් මණ්ඩල රැස්වීමට සෞඛ්‍ය හා අධ්‍යාපනය සංවෘත සේවාවක් කිරීම සඳහා වන යෝජනාව ඉදිරිපත් කරන අතර එහිදී එම සේවාවන්ගේ මතුවන ප්‍රශ්න පිළිබඳ ඔවුන් සමඟ සාකච්ජා කරන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
 
ආශිකා බ්‍රාහ්මණ
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment