ඒ අනුව කටුනායක ගුවන් තොටුපොළ ශාඛාවේ ජයන්ත ගුණතිලක, අම්පාර ප්‍රදේශිකයේ රියදුරු විජිත ජයන්ත, අම්පාර උහන ශාඛාවේ බණ්ඩාර නවරත්න, වරකාපොළ ශාඛාවේ යූ.කේ. කුමාරසිරි හා ආර්.පී.දීපාල් රාජපක්ෂ යන පිරිසට වැඩ තහනම පනවා ඇත.
වෘත්තීය සමිති බලය අනිසි ලෙස යොදා ගනිමින් දිගින් දිගටම තමන් සේවයේ නියුතු බැංකුවම අපහසුතාවට, අපකීර්තියට පත්වන අන්දමින් කටයුතු කිරීම හේතුවෙන් සාමාන්‍යාධිකාරීවරයා විසින් චක්‍ර ලේඛ දෙකක් නිකුත් කරමින් අවධාරණය කර තිබුණේ රාජකාරී කාලය තුළ පාලනාධිකාරියේ අවසරයකින් තොරව වෘත්තීය සමිති ක්‍රියාවක් හෝ රාජකාරියට පරිබාහිර ක්‍රියාකාරකම් කිරීම විනය විරෝධී ක්‍රියාවක් බවයි. මෙවැනි පසුබිමක් තුළ බැංකු සේවකයන්ගේ ප්‍රධානම වෘත්තීය සමිතිය නියෝජනය කරන ඉදිරිපෙළ නියෝජිතයන් තමන්ගේම බැංකු නිලධාරීන් සේවකයන් අපහසුතාවට පත්වන අන්දමින් කටයුතු කිරීම හේතුවෙන් උක්ත දඩුවමට යටත් කිරීමට සිදුව ඇති බව සඳහන්.
අම්පාර ශාඛාවට බලහත්කාරයෙන් ඇතුළු වී ඇති ශාන්ත ගඟබඩගේ මහතා ඇතුළු කණ්ඩායම කළමණාකරුට බලපෑම් කර ඇත්තේ වෘත්තීය සමිතියේ හදිසි රැස්වීමකට සේවකයන් යොමු කරන ලෙසයි. රාජකාරී වෙලාවේදී කිසිදු අවසරයකින් තොරව එසේ සිදු කිරීමේ නොහැකියාවත් ඒ වන විටත් සාමාන්‍යාධිකාරීවරයා විසින් යොමු කර තිබූ චක්‍ර ලේඛයන්ට අනුව ඊට ඉඩ දීම විනය විරෝධී ක්‍රියාවක් වන නිසාත් වෘත්තිය සමිති නියෝජිතයන්ගේ ඉල්ලීම අම්පාර කලමණාකරු විසින් ප්‍රතික්ෂේප කර තිබේ. එහෙත් එම අවස්ථාවේ වෘත්තීය සමිති නියෝජිතයන් කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් එය පාලනය කිරීමට හදිසි අවස්ථාවකදී භාවිතා කිරීමට ඇති සයිරන් නලාව ක්‍රියාත්මක කිරීමට කළමණාකරුට සිදුව ඇති අතර කලහය සමතයකට පත්කිරීමට පොලීසියටද මැදිහත් වීමට සිදුව ඇත. මෙම අවස්ථාවේදී ඔවුන් කළමණාකරුට මරණ තර්ජන සිදු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අම්පාර පොලිසියට කළමණාකරු පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබේ.
පසුගිය ජූලි 14 වැනි දින ලංකා බැංකු සේවක සංගමයේ පැවති නිලවරණයෙන් මෙම කණ්ඩායම බලයට පත්වූ අතර ඊට පසු ඔවුන් දිගින් දිගටම උත්සහ කර තිබුණේ බැංකුවේ පාලනාධිකාරිය සමඟ ගැටුම් ඇතිකර ගැනීමටය. මේ සම්බන්ධයෙන් බැංකු සේවකයන්ම ප්‍රකාශ කර තිබුණේ ඊට ඔවුන්ව වෘත්තීය සමිති නායකයන් විසින් පළිහක් ලෙස යොදා ගැනිමින් සිටින බවයි. ඇතැම් අවස්ථාවලදී මෙම වෘත්තීය සමිති නියෝජිතයන් සේවකයන්ට තර්ජනය කර තිබුණේ සිය මතයට එකඟ නොවන්නේනම් ස්ථාන මාරුවීම් පවා ලබා දෙන බවටය.
මෙම සියලු සිදුවීම් මැද අම්පාර ශාඛාවේ සිදු වූ නොසන්සුන්තාව සම්බන්ධයෙන් මහජන බැංකුවේ පාලනාධිකාරිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරු සිව් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් මඟින් විමර්ශනයක් සිදු කර ඇති අතර එහිදී වෘත්තීය සමිති නියෝජිතයන් වරදකරුවන් වීම නිසා දීර්ඝ ලෙස කෙරුණු සාකච්ජාවකින් අනතුරුව ඔවුන්ගේ සේවය අත්හිටුවීමට පියවර ගෙන ඇත.
එම වැඩතහනම මේ වන විට වෘත්තීය සමිති මර්දනය කිරීමේ පාලනාධිකාරියේ සැලැස්මක් බවට චෝදනා නගමින් සිටින අතර පාලනාධිකාරියට විරෝධය පළකර කළු පටි පැළඳ සේවයට වාර්තා කරන ලෙස වෘත්තීය සමිති නියෝජිතයන් සේවකයන්ගෙන් ඉල්ලීමක්ද කර ඇති බව සඳහන්. කෙසේ වෙතත් එම ඉල්ලීම සේවකයන් ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වූයේ.
පසුගිය කාලය පුරා ලංකා බැංකු සේවක සංගමයේ නායකත්වය දැරුවේද මහජන බැංකු ශාඛාවේ වෘත්තීය සමිති නායකයන්ය. එහෙත් පසුගිය නිලවරණයේදී එම කණ්ඩායම කණ්ඩායම දෙකකට බෙදී නිලවරණයට ඉදිරිපත් වූ අතර පෙර බලයේ සිටි කණ්ඩායම පරාජය කිරීමට නව සේවක පෙරමුණට හැකිවිණි. එහෙත් නිලවරණයෙන් පසු දිගින් දිගටම ඔවුන් පාලනාධිකාරිය හා සෙසු සහෝදර වෘත්තීය සමිති නායකයන් සමඟ අර්බුද නිර්මාණය කර ගැනීමෙන් එතෙක් වෘත්තීය සමිති නියෝජිතයන් දිනා ගත් සේවක වරප්‍රසාදද අහිමි කර ගෙන ඇත. සාමාන්‍යාධිකාරී වරයා විසින් නිල වශයෙන් චක්‍ර ලේඛ දෙකක් මඟින් එය ප්‍රකාශයට පත් කර කිරීමටද කටයුතු තිබේ.
ආශිකා බ්‍රාහ්මණ
0 comments :
Post a Comment