ටෙලිකොම් ලාභ අඩුවී සේවකයින්ගේ වැටුප් වැඩිවීම් කැපෙයි.


ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සේවකයින්ට වාර්ෂිකව වැඩි කරනු ලබන වැටුප් වැඩිවීම ලබන වසරට ආදාළව කප්පාදුවට ලක්කර ඇතැයි වාර්තා වේ.
ටෙලිකොම් ලාභ අඩුවීම නිසා මේ වැටුප් කප්පාදුව සිදුකර ඇති බව පැවසේ.
මීට පෙර වසරවලදී 8%ත් 10%ත් අතර ප්‍රමාණයකින් වැටුප් වැඩි කළ අතර ලබන වසරේ සේවකයින්ගේ වැටුප වැඩිකර ඇත්තේ සියට 2.5 % කින් බව ටෙලිකොම් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ආයතනයේ මුල්‍ය අක්‍රමිකතා ඉහල යාම හේතුවෙන් මේ වර්ෂයේ සේවකයින්ට ලබා දිය යුතු ප්‍රසාද දීමනා ද ගෙවීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබේ.
මේ සම්බන්ධයෙන් ටෙලිකොම් ප්‍රධාන විධායක නිලධාරී දිලීප විජේසුන්දර මහතා සමඟ සාකච්ඡාවක් ලබා ගැනීමට වෘත්තිය සමිති උත්සාහ ගනිමින් සිටියද ඔහු කාර්යාලයට නොපැමිණ එය මඟහරිමින් සිටින බවටද වෘත්තීය සමිති චෝදනා කරයි.
හරීන්ගේ බලේ බණ්ඩාරවෙල කෝල් සෙනට්ර් එකෙන් පෙනේ
ටෙලිකොම් සම්බන්ධයෙන් තීරණ ගැනීමට තමන්ට බලයක් නොමැති බව විශයභාර අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියද ඔහු බංඩාරවෙල ප්‍රදේශයේ ටෙලිකොම් කොල් සෙන්ටර් එකක් විවෘත එහි සිය දේශපාලන හිතවතුන්ට රැකියා ලබාදී ඇති බවට ටෙලිකොම් සේවකයෝ චෝදනා කරති.
ඊට අමතරව මෑන් පවර් සේවකයින් ලෙස ඇමතිවරයාගේ හිතවතුන් කාර්යාල කාර්ය සහයකයින් ලෙස සේවකයින් සියයකට ආසන්න පිරිසක් බදවා ගෙන ඇති බවට ද ඔවුන් චෝදනා කරති.

(SLM)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment