පළාත් පාලන ජන්දයට මනෝ අලුත් පක්ෂයකින්.


අමාත්‍ය මනෝ ගනේෂන් නායකත්වය දරණ දෙමළ ප්‍රගතිශීලි සන්ධානය පළාත් පාලන මැතිවරණයේදී දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා එකමුතු ප්‍රගතිශීලි සන්ධානය නමින් තරඟ වැදීමට තීරණය කර ඇත.

කෙසේවෙතත් නාම යෝජනා සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණිය හැකි දිස්ත්‍රික්ක සඳහා ජාතික පෙරමුණ යටතේ තරඟ වැදීමට කටයුතු කරන බව ඒ මහතා පවසා ඇත.

මේ අතර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ලංකා සම සමාජ පක්ෂයද පළාත් පාලන මැතිවරණයේදී ආයතන කිහිපයක් සඳහා තනිව තරඟ වැදීමට තීරණය කර තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment