නවින් තේ පර්යේෂණ වත්තත් විකුණන්න හදයි.

ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ රත්නපුර ප්‍රාදේශී පර්යේෂණ ආයතනයට අයත් කරපිංච ශාන්ත ජෝකිම්වත්ත සහ කර්මාන්ත ශාලාව පෞද්ගලික අංශයට විකිණීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා විසින් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

මේ සඳහා ඒ මහතා කැබිනට් පත්‍රිකාවක් යොමුකර අනුමැතිය ද ලබාගෙන ඇති බව පැවසේ.

එම කර්මාන්ත ශාලාව මෙසේ පෞද්ගලික අංශයට ලබාදීමට සැරසෙන්නේ 2017 වසරේ සිට මසකට රුපියල් මිලියනයක් පමණ ලාභ ලබමින් සිටියදීය.

කෙසේවුවද, මේ සම්බන්ධයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා පවසන්නේ ආයතනය විකිණීමක් සිදු නොකරන බවත් පෞද්ගලික අංශය සමඟ එක්ව එය පවත්වාගෙන යාමට කැබිනට් අනුමැතියක් ලැබී ඇති බවයි.

කර්මාන්ත ශාලාව ලාභ ලබන බවද පිළිගන්නා ඒ මහතා ඊට හේතුව තේ මිල ඉහල යාම යැයිද කියා සිටී.

මේ ආයතනය තුළ දූෂණ වංචා රාශියක් ඇති බවද ඔහු සඳහන් කරයි.

අමාත්‍යවරයා එසේ පැවසුවද ඔහු යටතේ පවතින කුඩා තේවතු සංවර්ධන අධිකාරිය දරුණු ලෙස දූෂණයට ලක්වූ ආයතනයක් බවට මාධ්‍ය වාර්තා පලවුවද ඒ සඳහා මෙතෙක් ඔහු කිසිදු පියවරක් ගෙන නොමැත.

එසේම කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා අද (12) දිනයේද රුපියල් ලක්ෂ 60ක් පමණ වියදම් කරමින් අනවශ්‍ය උත්සවයක් පවත්වන බවද අප මීට පෙර වාර්තා කළේය.

(SLM)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment