මැතිවරණ උණුසුමේ එජාප මන්ත‍්‍රීන් දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි.


බස්නාහිර පළාත් සභාව නියෝජනය කරන එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකු සිය ධුරයන්ගෙන් ඉල්ලා අස් වී ඇත.

එසේ මන්ත‍්‍රී ධුරවලින් ඉල්ලා අස්වීමේ ලිපි සභාවේ සභාපතිවරයා වෙත යොමු කර ඇත්තේ රොයිස් ප‍්‍රනාන්දු හා ප‍්‍රසන්න සම්පත් යන මන්ත‍්‍රීන්ය.

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී මීගමුව නගර සභාවේ නගරාධිපති ධුරය සදහා රොයිස් ප‍්‍රනාන්දු මහත්මියත්, බියගම ප‍්‍රාදේශීය සභාවේ සභාපති ධුරය සදහා ප‍්‍රසන්න සම්පත් මහතාත් ඉදිරිපත් වීමට බලාපොරොත්තුවෙන් මෙසේ ඉල්ලා අස් වී ඇත.

බස්නාහිර පළාත් සභාවේ අයවැය විවාදය අවසන් වීමට පෙර මෙම දෙදෙනා සිය ඉල්ලා අස්වීමේ ලිපි සභාපතිවරයා වෙත ලබා දී තිබින.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment