හිටපු අගවිනිසුරු ශිරානිගේ පුත් ෂවීන් එජාපයෙන් කොළඹට



හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක
මහත්මියගේ පුත්

ෂවීන් බණ්ඩාරනායක මහතා මෙවර පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයෙන් කොළඹ මහ නගර සභාවට තරග කරන බව සිරිකොත පක්‍ෂ මූලස්ථානය පවසයි.
ෂවීන් බණ්ඩාරනායක මහතා වෘත්තියෙන් නීතිඥයෙකි.
තරුණ පරපුරට තැනදීමේ එක්සත් ජාතික පක්‍ෂ ප්‍රතිපත්තිය අනුව ශවීන් බණ්ඩාරනායක මහතාට නාම යෝජනා දුන්බව සිරිකොත ආරංචි සඳහන් කළේය.
ෂවීන් පසුගිය මහමැතිවරණයේදී ස්වාධීන කණ්ඩායමක් තනාගෙන තරග වැදුණ අතර වියදම් කළ ප්‍රචාරණයකින් තොරව ඉතා සුළු මනාප ගණනක් ලැබූවත් පසුව සඳහන් කළේ තම පළමු පියවර ගැන සතුටුවූ බවයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment