කවුඩුල්ලේ අලි බලන්න දෙස් විදෙස් සංචාරකයින් පිරෙයි

කවුඩුල්ලේ අලි බලන්න දෙස් විදෙස් සංචාරකයින් පිරෙයි

 

හෙක්ටයාර් 6200 ක භූමි වපසරියකින් යුතු කවුඩුල්ල ජාතික වනෝද්‍යානයට තවත් වාසියක් වී ඇත්තේ හෙකටයාර් 8300 ක භූමියකින් යුත් කවුඩුල්ල මින්නේරිය වන පිවිසුමත් හෙක්ටයාර් 8300 ක් විශාල මින්නේරි ජාතික වනෝද්‍යානය ද, හෙක්ටයාර් 9100 ක් විශාල සෝමාවතී ජාතික වනෝද්‍යානය ද වටේට පිහිටා තිබීම හේතුවෙන් වන අලින් දිනකට 500 ත් 600 ත් අතර ප්‍රමාණයක් සංචාරකයින්ට ඉතා සමීපව නැරඹීමට අවස්ථාව උදා වීමය. එහෙයින් සංචාරකයින්ගේ පැමිණීම ඉහළ ගොස් ඇති බව කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ භාරකරු කියා සිටියේය.

එමෙන්ම කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ තණ බිම් ඉතා විශාල වශයෙන් පිහිටා තිබීමත් තණ බිම් පහළින් වැවී තිබීමත් නිසා වන අලින්ගේ පාදයේ සිට සංචාරකයින්ට නැරඹීමට අවස්ථාව උදාවෙයි.

කවුඩුල්ල ජාතික වනෝද්‍යානයට පිවිසෙන සියලුම දේශීය හා විදේශීය සංචාරකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද වනෝද්‍යානය පිරිසිදුව තබාගැනීම සම්බන්ධයෙන් ද විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව ද කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ භාරකරු ඩබ්ලිව්.ජේ.කේ.හේරත් මහතා වැඩි දුරටත් කියා සිටියේය.

- වන්නි රොමේෂ් මධුෂංඛ

 

DSC 0288DSC 0295

DSC 0302

DSC 0340

DSC 0367

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment