හම්බන්තොට ඇමතිවරු මැතිවරණ නීති උල්ලංඝණය කරනවා -නාමල් රාජපක්ෂ

හම්බන්තොට ඇමතිවරු මැතිවරණ නීති උල්ලංඝණය කරනවා -නාමල් රාජපක්ෂ
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මන්ත්‍රී වරයා
 
'මේ වනවිටත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිවාස ණයලබා දෙනවා, ඉඩම් බෙදනවා, සිමෙන්ති කොට්ට බෙදනවා. මේ පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයාද දැනුවත් කර තිබෙනවා. අදාල ආයතන සියල්ලම දැනුවත් කරලා තියෙනවා. නමුත් ඒ අයගේ ස්වාධීනත්වය අදාල වෙන්නෙ විපක්ෂයට පමණ ද ? ආණ්ඩුවට විරුද්ධව සටන්න් කරන අපිට අයිතියක් නැද්ද ? අපි ආණ්ඩුවට කියනවා කප්පම් දීලා ඡන්ද මංකොල්ල කන්න ලාස්තිවෙන්න එපා කියන එක.'
 
'අපි මැතිවරණ කොමසාරිස්වරයාගෙන්, පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටිනවා මැතිවරණයක් පවතින කාලය තුළ මේ ඉඩම් බෙදීම, සිමෙන්ති කොට්ට බෙදීම කරුණාකරලා නතර කරන්න කියන එක. මේ වනවිට සර්ව සාධාරණ මැතිවරණයක් පවත්වන්න තියෙන පරිසරය මේ ආණ්ඩුව නැතිකරනවා.'
 
'ඒ එක්කම අපි මතක් කරන්න ඕන නිවාස අධිකාරියේ ලේකම් තුමාව. ලලිත් වීරතුංග මහත්තයාගේ නඩු තීන්දුව මතක තියාගෙන ඉන්න. මොකද අපි දැක්කා බොරුවට පොලිසිය සාක්කි හදලා රජයේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරපු ලලිත් වීර තුංග මහත්තයටත් නඩු දැම්මා. අද යහපාලන ආණ්ඩුවේ ලේකම්වරයා ක්‍රියාත්මක කරන්නේ රජයේ ප්‍රතිපත්තිය නොවෙයි. ඇමතිවරු එක්කෙනක් දෙන්නෙකුගේ අවශ්‍යතාවය ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා ඔය ලේකම්තුමන්ලාත් ලලිත් වීරතුංග මහත්තයාගේ නඩු තීන්දුව මතක තියාගත්තොත් හොඳයි.'
 
හම්බන්තොට රාහුල් සමන්ත හෙට්ටආරච්චි
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment