සිසුන් ගැන සිතා සේවයට වාර්තා කරන්න - ජනපති දුම්රිය සේවකයන්ගෙන් ඉල්ලයි

සිසුන් ගැන සිතා සේවයට වාර්තා කරන්න - ජනපති දුම්රිය සේවකයන්ගෙන් ඉල්ලයි

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ විභාග කටයුතුවලට බාධා සිදුවන බැවින් මානුෂිකව සිතා කටයුතු කරන ලෙසයි. විසඳී නොමැති ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත හැකි බැවින් සාමාන්‍ය ජනතාව අපහසුතාවයට පත් නොකරන ලෙසයි ජනාධිපතිවරයා වැඩිදුටත් සඳහන් කරන්නේ.

මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ සෑම දුම්රිය මාර්ගයකම අවම එක් දුම්රියක් හෝ ධාවනය කිරීමට කටයුතු කර ඇති බවයි. මේ වනවිට දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති අතර ඒ සඳහා ඊයේ පාර්ලිමේන්තුවේ අනුමැතිය ද හිමි විය.

අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බැවින් වහා සේවයට වාර්තා කරන ලෙසත් එසේ නොමැති වුවහොත් සේවය හැරගියා සේ සලකන බවත් ඊයේ දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළ අතර එහෙත් වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ තවදුරටත් වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment