ඊයේ (11) සවස පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී රුවන් ගුණසේකර මහතා මෙම කරුණු අනාවරණය කළේය.
මැතිවරණ නීතියට අනුව, ඇතැම් නීති කඩකරන පුද්ගලයන්ට එරෙහිව සෘජුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමේ හැකියාව පොලිස් දෙපාර්තමේන්තුවට පවතින බවත් නීතිපති උපදෙස් ලබාගැනීමට අවශ්‍ය අවස්ථාවලදී ඒ සඳහා සෘජුව නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ලබාගැනීම සඳහා පොලිස් නිළධාරීන්ට අවශ්‍ය පහසුකම් සපයා ඇති බවත් ඔහු අවධාරණය කරයි.
මැතිවරණ නීති නිවැරදිව අනුගමනය කරන්නේද යන්න සොයාබැලීම සඳහා නව තාක්ෂණික ක්‍රම භාවිතා කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර ඇති අතර ඒ හරහා නීති උල්ලංඝනය කරන්නන්ට එරෙහිව සාක්ෂි ලබාගනු ඇත.
ආශිකා බ්‍රාහ්මණ
0 comments :
Post a Comment