කලෙකට ඉහත හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ හොරා යනු 'හොඳම රාජ්‍ය සේවකයා' බවයි. එම ප්‍රකාශය ඔහු ඉදිරිපත් කළේ තමන් හොරෙකු බව ප්‍රකාශ කිරීම පිළිබඳව ආඩම්බරයෙනි. මීට අමතරව නාමල් රාජපක්ෂ මහතාද, රාජපක්ෂ පවුලටත් වඩා හොරුන් තවත් සිටින බව රැස්වීමකදී ප්‍රකාශ කළේය.
මෙවැනිම ප්‍රකාශයක් ඊයේ (11) හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ. ඔහු පවසා ඇත්තේ පැවති ආණ්ඩුවේ කටයුතු කළ, තමන් ලඟ සිටි හොරුන් එකා දෙන්නා දැන් ආණ්ඩුවට හේත්තු වන බවයි. ඔහු මෙසේ සඳහන් කර ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ශ්‍රීලනිප ආණ්ඩුවේ පාර්ශ්වයට එකතුවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙනි.
මේ අනුව පැවති ආණ්ඩුවේ ඇමතිවරුන් හොරකම් කර ඇති බව හිටපු ජනාධිපතිවරයාම පිළිගෙන ඇති අතර රාපක්ෂ පවුල සිදුකළ හොරකම් පැත්තකින් තබා සිතා බැලුවද ඔහු කර ඇත්තේ හොරුන් රැළක් ආරක්ෂා කිරීමයි. ඒ හරහා ඔහුට තමන්ගේ ආණ්ඩුව තුළ සිදු වූ හොරකම්වල වගකීමෙන් ගැලවිය නොහැකිය.
0 comments :
Post a Comment