මළ ගෙදරක නිදිමරනා කිසිවෙක්
වෙස්සන්තරය වෙනුවට
අලුත්ම මහ බැංකු වාර්තා පොත කියවයි
එයින් වැකියක් දෙකක් ඇහුණම
ඕනම දුකක් ඉවරයි
" මේ ජැමෙයිකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයයි
මම ඔබේ හිතාදර නිවේදක රිකාඩෝ කන්හායි
සඳ තරු නිහඬයි - ගහකොළ නිසලයි
පොඩ්ඩක් ඉන්න
නිහඬමත් නැතිය ඒ සඳ තරු
මරිජුවානා එක්ක අවේලාවේ වීථි සංචාරය කර බලන්න
ඔවුන් ඔබ එක්ක කතා කර කර ඉන්න හරිම ආසයි "
දැන් වේලාව රාත්‍රී දොළහයි
ජලාශයටවත් නෑසෙන හඬකින්
කොඳ මල් පොහොට්ටු පුපුරයි
මෙහි රැස්ව සිටිනා - සියලූම රෑ බදුල්ලන්ගෙන් අවසරයි
මා මෙතෙන්ට පැමිණියේ
වෙන මොහොකටවත් නෙවෙයි
සිගැරැට්ටුවක් බීමටයි .....!
0 comments :
Post a Comment