නිහඬමත් නැතිය ඒ සඳ තරු - රුවන් බන්දුජීව

නිහඬමත් නැතිය ඒ සඳ තරු - රුවන් බන්දුජීව

 

මළ ගෙදරක නිදිමරනා කිසිවෙක්
වෙස්සන්තරය වෙනුවට
අලුත්ම මහ බැංකු වාර්තා පොත කියවයි
එයින් වැකියක් දෙකක් ඇහුණම
ඕනම දුකක් ඉවරයි

" මේ ජැමෙයිකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයයි
මම ඔබේ හිතාදර නිවේදක රිකාඩෝ කන්හායි
සඳ තරු නිහඬයි - ගහකොළ නිසලයි
පොඩ්ඩක් ඉන්න
නිහඬමත් නැතිය ඒ සඳ තරු
මරිජුවානා එක්ක අවේලාවේ වීථි සංචාරය කර බලන්න
ඔවුන් ඔබ එක්ක කතා කර කර ඉන්න හරිම ආසයි "

දැන් වේලාව රාත්‍රී දොළහයි
ජලාශයටවත් නෑසෙන හඬකින්
කොඳ මල් පොහොට්ටු පුපුරයි
මෙහි රැස්ව සිටිනා - සියලූම රෑ බදුල්ලන්ගෙන් අවසරයි
මා මෙතෙන්ට පැමිණියේ
වෙන මොහොකටවත් නෙවෙයි
සිගැරැට්ටුවක් බීමටයි .....!

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment