මැතිවරණයට බලපෑම් වන උත්සවවලට සහභාගිවීමෙන් වලකින්න - මැකෝ දේශපාලනඥයන්ගෙන් ඉල්ලයි

මැතිවරණයට බලපෑම් වන උත්සවවලට සහභාගිවීමෙන් වලකින්න - මැකෝ දේශපාලනඥයන්ගෙන් ඉල්ලයි
 
මැතිවරණය පැවැත්වෙන කාලසීමාවේදී මහජන මතයට බලපෑම් වන පරිදි විවිධ භාණ්ඩ බෙදාදීම් ඇතුළු රාජ්‍ය දේපල අයථා පරිහරණය සම්බන්ධයෙන් පසුගිය කාලයේදී පැවති ආණ්ඩුවල ප්‍රධානීන්ට සහ ඇමතිවරුන්ට බරපතල චෝදනා එල්ල වූ අතර එවැනි තත්වයක් යළි ඇති නොවීම සඳහා වගකීමෙන් කටයුතු කළයුතු බවයි මහින්දදේශප්‍රිය මහතා පවසන්නේ.
 
මාර්ග සංවර්ධන කටයුතුවලට මුදල් වෙන්කිරීම්, ඡන්දදායකයන් එකතු කර භාණ්ඩ බෙදාදීම් ඇතුළු සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් මේ වනවිට ද පැමිණිලි ලැබී තිබේ. 
 
මැතිවරණ කාලසීමාව තුළ බලයේ සිටින පක්ෂවලට මෙවැනි කටයුතු හේතුවෙන් දේශපාලන වාසියක් ලැබෙන හෙයින් එම මැතිවරණ නීතිවලින් තහනම් කර ඇති අතර නීතිගරුකව කටයුතු කරන ලෙස මැතිවරණ දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment