එජාප කෘත්‍යධිකාරියේදී ජෝන්ගේ කතාවට ලෙඩක්.


"මේ වාරේ ආණ්ඩුවත් අපේ, පොලිසියත් අපේ අතේ" යනුවෙන් වත්තල - ගල්වැටිය ප්‍රදේශයේදී පැවැති මහජන හමුවකදී අමාත්‍ය ජෝන් අමරතුංග මහතා කර ඇතැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් පෙරේදා (14දා) සිරිකොත මූලස්ථානයේ පැවැති එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමෙන් පසු එජාප මැති ඇමැතිවරුන් පිරිසක් එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වී කරුණු දක්වා තිබේ.

ගමේ මිනිසුන්ගේ ඡන්දය එජාපයට ලබා ගැනීම සඳහා වගකීමකින් කටයුතු කළ යුතු මෙවන් අවස්ථාවක මෙවැනි වගකීම් රහිත ප්‍රකාශ සිදු කිරීම මඟින් පක්ෂයටත් මැතිවරණ ප්‍රතිඵලවලටත් බලවත් අගතියක් සිදුවනවා මෙන්ම පක්ෂයට එරෙහිව අවලාද නැඟීමට හා චෝදනා එල්ල කිරීමට විරුද්ධවාදීන්ට අවස්ථාව සලසාදීමක් බවද එම මැති ඇමැතිවරු පෙන්වා දී තිබේ.

ජේ‍යෂ්ඨ අමාත්‍යවරයකු වශයෙන් මින් ඉදිරියට මෙවැනි වගකීම් රහිත ප්‍රකාශ කිරීමෙන් ඔහු වළක්වාලන ලෙස ඔවුන් අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇති අතර ඒ පිළිබඳ තම අවධානය යොමු කරන බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment