මහින්ද - මෛත්‍රී බණ්ඩාරවෙල දී එකට.


මුලින් නාම යෝජනා කැදවන ලද පළාත් පාලන ආයතන 93ක් සදහා නාමයෝජනා බාර ගැනිම ඊයේ (14) දිනයෙන් අවසන් විය.

එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව බණ්ඩාරවෙල මහ නගර සභාව සදහා එක් ලයිස්තුවක් ඉදිරිපත් කර තිබීම විශේෂත්වයකි.

මෙම දෙපිරිස එක්ව නාම යෝජනා බාර දී ඇත්තේ ස්වාධීන කණ්ඩායමක් ලෙස තරග වැදීම සදහාය.

දෙපාර්ශවය සමගි කිරීම සදහා පැවති සියළු සාකච්චා බිද වැටී තිබියදී බණ්ඩාරවෙල නගර සභාව සදහා දෙපිරිස එක්ව මෙසේ එක් ලයිස්තුවක් දැමීම විශේෂත්වයකි.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමණු බදුල්ල දිස්ත්‍රීක්කයේ පළාත් පාලන ආයතන 11ක් සදහා පොහොට්ටුව ලකුණින් තරග වැදීම සදහා නාම යෝජනා බාර දී ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment