අලි පැටව් මුහුදෙන් මැදපෙරදිග පටවන ජාවාරමක්.


අලි පැටවුන් මහුදු මාර්ගයෙන් හොර රහසේ ඩුබායි අබුඩාබි ඇතුළු මැද පෙරදිග රටවලට යැවීමේ ජාවාරමක් සම්බන්ධයෙන් යම් යම් තොරතුරු ලැබී තිබෙන බව බුද්ධ ශාසන, තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

හම්බන්තොට වෙරළ තීරයෙන් අලි පැටවුන් තිදෙනකු පසුගියදා සොයා ගැනීමට හැකිවූ බවත් මෙම අලි පැටවුන් තිදෙනා මුහුදු මාර්ගයෙන් හොර රහසේ ගෙන යෑමට සූදානමක් තිබූ බවට සැකකරන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

වෙරළේ සිට බෝට්ටු මාර්ගයෙන් මෙම අලි පැටවුන් මුහුදේ යන නැව්වලට පැටවීමේ සූදානමක් තිබෙන්නට ඇති බවත් කාලයක සිට මෙසේ මැද පෙරදිග රටවලට අලි පැටවුන් හොර රහසේ පැටවීමේ ජාවාරමක් සිදුවන්නට ඇති බවත් ගාමිණි ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරයා සදහන් කරයි.

මෙම අලි පැටවුන් තිදෙනාගේ මවු ඇතින්නන් සොයා මේ වන විට හම්බන්තොට හා ඒ අවට ප්‍රදේශවල ආරක්‍ෂක අංශ හා වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙහෙයුමක්ද ආරම්භ කර ඇත.

මුහුදු මාර්ගයෙන් අලි පැටවුන් රැගෙන යෑමේ ජාවාරම ගැන නාවික හමුදාවටත්, ගුවන් හමුදාවටත් විශේෂ කාර්ය බළකාය ඇතුළු ආරක්‍ෂක අංශවලටත්, වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැඩි අවධානයකින් සිටින ලෙස උපදෙස් ලබාදී තිබෙන බව ද ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරයා සඳහන් කෙළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment